May 02, 2024

කමලා හැරිස් ඉවතට? ඇමෙරිකාවට නව උප ජනාධිපති කෙනෙක් (VIDEO)

ඇමෙරිකාවේ උප ජනාධිපති කමලා හැරිස් විසින් නව උප ජනාධිපතිවරයෙකු තෝරා පත්කර ගෙන තියෙනවා. 

මෙම නව උප ජනාධිපතිවරයා පත් වන්නේ අපුරු සිදුවීමකින් පස්සේ.

ඇමෙරිකානු රාජ්‍ය නායකයන් පාසල්වලට ගිහින් දරුවන් හමුවෙන එක කතා කරන එක එරට සම්ප්‍රදායක් ලෙස පවතින දෙයක් බව කිව හැකියි.

එම සම්ප්‍රදාය අනුව යමින් ඇමෙරිකානු උප ජනාධිපතිනිය විසින් පාසලක් වෙත ගිහින් ළමුන් පිරිසක් සමඟ කාලය ගත කරමින් සිටිනවා.

එහිදී ඇය කුඩා දරුවෙකු සමඟ චිත්‍ර අඳිමින් සිටින අවස්ථාවේ ඇයගේ ඇඳුමේ ඇති ඇමෙරිකානු රාජ්‍ය නායකයන් පළඳින ජාතික ධජය සහිත ලාංඡනය කුඩා දරුවෙකුගේ ඇස ගැටෙනවා.

දරුවා තමන්ගේ නිල ලාංඡනය දෙස බලා සිටින බව තේරුණු ඇමෙරිකානු උප ජනාධිපතිවරිය විසින් එය අවශ්‍යය දැයි දරුවාගෙන් විමසා සිටින විට ඔහු එය අවශ්‍යයි පවසා සිටිනවා.

දෙවරක් නොසිතා කමලා හැරිස් උප ජනාධිපතිනිය විසින් තමන්ගේ නිල ලාංඡනය ගලවා දරුවාට පළඳවන්නට කටයුතු කරනවා. 

එය පැළැන්ඳ වීමට පෙර උප ජනාධිපතිනිය දරුවාට කියා සිටින්නේ “මෙය පැළැඳුවොත් ඔබ ඇමෙරිකානු එක්සත් ජනපදයේ උප ජනාධිපතිවරයා බවට පත්වෙනවා” යනුවෙනි. එය අසා සිටි තවත් දරුවෙකු විසින් පවසා සිටියේ ඔහුගේ මිතුරා එය පැළඳුවොත් ඇමෙරිකාවේ උප ජනාධිපතිවරයා වෙනවාද යන්නයි. 

ඒත් සමඟ එම පංති කාමරයේ සිටි සියලු දෙනා මහ හඬින් සිනාසෙන්නට පටන් ගත්තා.

මෙම සිදුවීම වී තිබුණේ ඇමෙරිකානු උප ජනාධිපතිවරියගේ මෙක්සිකෝ සංචාරය අතරතුර දීය.

එම අවස්ථාව මාධ්‍ය විසින් වාර්තා කර තිබුණේ පහත අයුරිනි,

Rate this item
(4 votes)
Last modified on Saturday, 12 June 2021 13:21