April 28, 2024

රාජ්‍ය තාන්ත්‍රික සේවයෙන් ලෝකයම හෙල්ලූ නිලධාරිනිය තානාපති ලෙස ලංකාවට

ජෝ බයිඩන් පරිපාලනය විසින් ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා නව තානාපතිනියක් නම් කර තිබෙනවා. ඇය නමින් ජූලී ජේ. චුන්ග්. ඇමෙරිකානු විදෙස් සම්බන්ධතා පිළිබඳව දක්ෂ පරිපාලන නිලධාරියක් වන ඇය අති දක්ෂ රාජ්‍ය තාන්ත්‍රික නිලධාරිනියක්ද වන බව සඳහන් වෙනවා.

ඇයව ශ්‍රී ලංකා සහ මාලදිවයිනේ තානාපතිනිය ලෙස ධවල මන්දිරය විසින් ඊයේ (15) දිනයේ දී තෝරාගත් බව මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පවසා තිබුණා.

ජූලි ජේ. චූන්ග් දකුණු කොරියානු සම්භවයක් සහිත තැනැත්තියක්

ජූලි චූන්ග් උපත ලබන්නේ දකුණු කොරියාව් සියෝල් නුවරදී. ඇයගේ පියා අභ්‍යාවකාශ විද්‍යාඥයෙකු වූ අතර ඔහු විසින් සිය පවුල සමඟ 1977 වසරේ දී ඇමෙරිකාවේ කැල්ෆෝනියා ප්‍රාන්තයට සංක්‍රමණය වෙනවා. ඒ වන විට ජූලිගේ වයස අවුරුදු 05යි.

ජූලිට සහෝදරියක් සිටින අතර ඇය නමින් කොනී චූන්ග් කියන්නේ සැන් ෆ්රැන්සිස්කෝ හි විකාශන ස්ථානයක නිෂ්පාදකවරියක් ලෙස කටයුතු කළ කෙනෙක්. කාලයත් සමඟ ජූලි විසින් කැල්ෆෝනියා විශ්ව විද්‍යාලයෙන් දේශපාලන විද්‍යාව සඳහා උපාධියක් ලබාගන්නා අතර සැන් ඩියාගෝ සහ කොලොම්බියා විශ්ව විද්‍යාලයෙන් ජාත්‍යන්තර කටයුතු පිළිබඳ උපාධියක් ලබාගන්න සමත් වෙලා තියෙනවා.

ඇය චීන භාෂාවක් වන කැන්ටොනිස් ද, කොරියානු, ජපන්, වියට්නාම, ඛමර් (කාම්බෝජියා භාෂාව), ස්පාඤ්ඤ, තායි භාෂාව ප්‍රගුණ කර ඇති අතර එම භාෂාවන් ඉතාමත් චතුර ලෙස හැසිරිවීමටත් හැකියාව තියෙනවා.

ඇමෙරිකාව වෙනුවෙන් කළ සේවාවන්

1996 වසරේ දී ඇමෙරිකානු රාජ්‍ය තාන්ත්‍රික සේවයට එකතු වන ඇයට මුලින්ම සේවය කිරීමට හම්බ වෙලා තිබුනේ චීනය තුළයි. එහිදී ඇයව චීනයේ ගුවැන්ෂු ප්‍රාන්තයේ ඇමෙරිකානු කොන්සියුලර් නිලධාරි ධූරයට පත්කර තිබුණා.

ඉන්පසුව ඇය ජපානය තානාපති කාර්යාලයේ සිවිල් ගුවන් සේවා සහ මෝටර් රථ අංශවල ද්විපාර්ශ්වික වෙළෙඳ නිලධාරිනිය ලෙසද කටයුතු කරලා තිබෙනවා.

පසුව ඇය උපන් කොරියාවේම සේවය සඳහා ඇමෙරිකාව විසින් පටත් කර යවන අතර එහිදී ඇය කොරියානු කටයුතු, නැගෙනහිර ආසියානු හා පැසිෆික් කටයුතු කාර්යාංශයේ සේවය කරමින් කොරියානු අර්ධද්වීපයේ බලශක්ති සංවර්ධන සංවිධානයේ (කේඩෝ) එක්සත් ජනපද ක්‍රියාකාරී මට්ටමේ කණ්ඩායම නියෝජනය කිරීමට කටයුතු කළ අතර ඇමෙරිකාව සමඟ දැඩි සතුරකම උතුරු කොරියාවේ ප්යොංයැං වෙත නිතර සංචාරය කළාය.

ජූලි විසින් 2003 අප්‍රියෙල් මාසයේදී ඇය රාජ්‍ය නියෝජ්‍ය ලේකම් රිචඩ් ආමිටේජ්ගේ ඊඒපී හි විශේෂ සහකාර ලෙස සේවය කළාය. වියට්නාමයේ හැනෝයි තානාපති කාර්යාලයේදී ඇය සහකාර මහජන කටයුතු නිලධාරිනියක ලෙසද කටයුතු කර තිබුණා.

පසුව ආසියා පැසිෆික් ආර්ථික සහයෝගීතාවයේ (APEC) සම්බන්ධීකාරක ලෙස කටයුතු කිරීමටද ඇය සමත් වුණු අතර කොලොම්බියාවේ බොගෝටා තානාපති කාර්යාලයේ නියෝජ්‍ය දේශපාලන උපදේශකවරිය ලෙස කටයුතු කළ කාලය තුළ ඇය එක්සත් ජනපද රජයේ විශාලතම පිටුවහල් කිරීමේ වැඩසටහන මෙන්ම 24 කණ්ඩායමේ (ජී -24) එක්සත් ජනපද නියෝජිතයා ලෙසද කටයුතු කර තිබුණා.

එමෙන්ම ඇමෙරිකාව විසින් ඉරාකය තුළ ගෙන ගිය මෙහෙයුම්වලදී භාරධූර කාර්යක් ඉටු කරමින් ඇය විසින් ඉරාකයේ බැග්ඩෑඩ් හි නියෝජිතායතන 13 ක් සහ අංශ 13 ක් සමඟ සිවිල්-මිලිටරි විදේශ ආධාර සම්බන්ධීකරණය කරන මාණ්ඩලික ප්‍රධානී ලෙස සේවය කළාය.

දැන් සේවය කරමින් සිටින තැන්

2014 අගෝස්තු මාසයේදී චුන්ග් තානාපති කාර්යාලයේ නියෝජ්‍ය දූත මණ්ඩල (ඩීසීඑම්) ලෙස පත් කරන ලද අතර ජපාන කටයුතු කාර්යාලයේ (ඊඒපී / ජේ) අධ්‍යක්ෂක ලෙස සේවය කිරීම සඳහා 2017 අගෝස්තු මාසයේදී ඇය නැවත එක්සත් ජනපදය වෙත කැදවනු ලබන අතර එහිදී 2018 පෙබරවාරි සිට සැප්තැම්බර් දක්වා වැඩබලන නියෝජ්‍ය සහකාර ලේකම් ලෙස සේවය කළා.

2018 නොවැම්බර් මාසයේ සිට ඇය බටහිර අර්ධගෝල කටයුතු කාර්යාංශයේ ප්‍රධාන නියෝජ්‍ය සහකාර ලේකම් ධුරය භාර ගත්තාය.

Rate this item
(0 votes)