April 25, 2024

උණුසුම් අදහස් හුවමාරුවලින් පසුව ලෝක බලවතුන් දෙදෙනා එකිනෙකා හමුවෙයි

අද (15) දිනයේ දී ලෝකයේ බලවත් රාජ්‍යයන් දෙකක් වන ඇමෙරිකා එක්සත් ජනපදය සහ රුසියාව නායකයින් නොරේවේ ජිනිවා නුවරදී එකිනෙකා හමු වුණා.

දෙරට අතර පවතින මතභේදාත්මක ගැටලු මෙන්ම ලෝකය තුළ ඔවුන්ගේ මැදිහත් වීම් පිළිබඳව මෙන්ම ආර්ථික දේශපාලනික බොහෝ කාරණා ගණනක් පිළිබඳව නායකයින් දෙපළ කතා කිරීමට නියමිත තිබෙනවා.

මෙම දෙපළ හමුවීමට පෙර මාධ්‍ය හමු කිහිපයකදී එකිනෙකා පිළිබඳව දැඩි මතභේදාත්මක ප්‍රකාශයන් බොහෝමයක් සිදුකර තිබුණා.

මේ හේතුව නිසාම ලෝකයේ බොහෝ දෙනාගේ අවධානය මේ සාකච්ඡාව වෙත යොමු කරන්නට සමත්ව තිබෙනවා.

ජනාධිපතිවරුන් දෙදෙනාගේ කතාව ජිනිවා නුවර ඉපැරණි මන්දිරයක් තුළ සිදුවන බවද සඳහන් වෙනවා.

ජනාධිපතිවරුන් දෙදෙනා එකිනෙකා හමු වූ අවස්ථාවේ මාධ්‍ය පහත ආකාරයෙන් වාර්තා කර තිබුණා.

Rate this item
(0 votes)