April 19, 2024

ජෝ බයිඩන්ට අමතක වෙන ලෙඩක්? සමාජ මාධ්‍යවලිනුත් චෝදනා

2020 ඇමෙරිකානු ජනාධිපතිවරණය පැවති සමයේ දී එවකට අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත්ව වත්මන් ජනාධිපතිවරයාව සිටින ජෝ බයිඩන් හට එල්ල වූ චෝදනාවක් නැවත වරක් ඔහු වෙත එල්ල වෙමින් තියෙනවා.

ඒ ඔහුට අමතක වීමේ රෝගයක් වන ඩිමෙන්ෂියා (Dementia) රෝගයෙන් පෙළෙන බවට වන චෝදනාවයි.

මෙම කතාබහ නැවත වරක් ඇමෙරිකානු සමාජ මාධ්‍ය පරිශිලකයන් අතර උණුසුම් කතාබහක් ඇති කිරීමට සමත් මාතෘකාවක් බවට පත්වී තිබෙන්නේ G7 ලෝක බලවතුන්ගේ සමුළුවට සම්බන්ධව සිටි ඇමෙරිකානු ජනාධිපතිවරයා විසින් රුසියාව සමඟ සාකච්ඡාවට පෙර පැවැති මාධ්‍ය හමුවක් නිසා.

ජනපති බයිඩන් විසින් සිය කතාව කරගෙන යන ඔහු විසින් රුසියාව සමඟ එකට වැඩ කළ හැකි බව පවසා සිටින අතර ඒ සඳහා ඔහු ලිබියාව උදාහරණයක් ලෙස ගෙන පෙන්වනවා. නමුත් රුසියාව ලිබියාව තුළ සිය කටයුතු නොකර අතර ඇමෙරිකානු ජනාධිපතිවරයාට සිරියාව සහ ලිබියාව පැටලී තිබුණා.

බැරක් ඔබාමාගේ පාලන සමය තුළ ඇමෙරිකාව විසින් ලිබියාව සහ සිරියාව යන රටවල් දෙක තුළම සිය මෙහෙයුම් දියත් කළ නමුත් රුසියාව මැදිහත්ව තිබුණේ සිරියාව විසින් ISIS සටන්කාමින්ට එරෙහිව ගෙන යන සටන සඳහා පමණයි.

සිරියාවේ පවතින තත්ත්වයට ඇමෙරිකාවට රුසියාව සමඟ එක්ව වැඩ කළ හැකි බව පැවසීම වෙනුවට ඇමෙරිකානු ජනාධිපතිවරයා විසින් ලිබියාවේ පවතින තත්ත්වයට රුසියාව සමඟ එක්ව වැඩ කළ හැකි බව පවසා සිටියා. ජනාධිපතිවරයා විසින් ලිබියාව සහ සිරියාව යන රටවල් දෙක පටලවා ගනිමින් අවස්ථා 03කදී කර තිබුණු බවට වාර්තා වෙනවා. 

මෙම සිදුවීමත් සමඟ ඇමෙරිකානු ජනාධිපතිවරයා පිළිබඳව සමාජ මාධ්‍ය තුළ දැඩි කතාබහක් නිර්මාණය වී ඇති අතර පිරිසක් විසින් පවසා තිබුණේ ඇමෙරිකානු ජනාධිපතිවරයා නිවසේ සිටිය යුතු බවත් ඔහු ඩිමෙන්ෂියා රෝගී තත්ත්වයෙන් පෙළෙන බවයි. තවත් පිරිසක් ඇමෙරිකානු ජනාධිපතිවරයාගේ මානසික තත්ත්වය පිළිබඳව ට්විටර් සමාජ මාධ්‍ය තුළ ප්‍රශ්න කර තිබුණා.

ඔහු මෙම ප්‍රකාශය කර තිබුණේ පසුගිය ඉරිදා (12) දිනයේ දී G7 සමුළුව පැවැත්වෙන එංගලන්තයේ කොර්න්වෝල් හී පැවැති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියෙකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දීමට ගොසිනි.

මීට පෙරද ඇමෙරිකානු ජනාධිපතිවරයා හට අමතක වීමේ රෝගයක් ඇති බවට විවිධ මාධ්‍ය විසින් වාර්තා කර තිබුණු අතර මාධ්‍ය හමුවලදී අවස්ථාවන් කිහිපයකදීම ඔහුට ඔහුගේ ප්‍රධාන නිලධාරීන් අමතක වූ බවද සඳහන් කර තිබුණා.

2019 වසරේ ජෝ බයිඩන් ඇමෙරිකානු ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බවට ප්‍රකාශ කර සිටි සමයේ සිට ඔහුට මෙම අමතක වන රෝගය ඇති බවට දැඩි චෝදනාවන් සමාජ මාධ්‍ය තුළ පළවූ අතර ජෝ බයිඩන් පාර්ශවය විසින් එම චෝදනා දැඩිව ප්‍රතික්ෂේප කර තිබුණි.

Rate this item
(0 votes)
Last modified on Monday, 14 June 2021 15:52