April 27, 2024

හැරී සහ මේගන්ගේ සුපිරි මන්දිරය පිටුපස මිය ගිය අභිරහස් පුද්ගලයෙක්

ලෝකයේ නිරන්තරයෙන්ම දැඩි කතාබහකට ලක්වන යුවලක් වන හැරී සහ මේගන්ගේ නම් නැවතත් කරළියට පැමිණ තිබේ. ඒ ඔවුන්ගේ පවුම් මිලියන 11කට පමණ අධික සුඛෝපබෝගී නිවස පිටුපස තිබී මරා වළ දැමූ පුද්ගලයෙකුගේ අස්ථි හමුවීමත් සමඟයි.

මෙම අස්ථි හමුවී තිබුණේ මන්දිරය අසළ මාර්ගයක භූමි අලංකරණයේ යෙදී සිටි කම්කරුවන් පිරිසකටය.

මෙම අස්ථි කැබලි ස්වදේශික ඇමෙරිකානුවෙකුගේ බවට සැක පළ කරන අතර ශත වර්ෂ ගණනාවකට පෙර මිය යන්නට ඇති බව අනුමාන කරයි. බොහෝ විට මෙම අස්ථි ක්‍රි.ව 700 දී පමණ එම ප්‍රදේශයේ ජීවත් වුණා යැයි සැලකෙන චුමාෂ් ගෝත්‍රයේ සාමාජිකයෙකුගේ යැයිද අනුමාන කර තිබේ.

මෙම අස්ථි පිළිබඳව පොලිස් විමර්ශන ආරම්භ කර ඇති අතර අස්ථි හඳුනා ගැනීම සඳහා විශේෂ පරික්ෂාවන් කිහිපයකට ලක් කිරීමට නියමිතයි. 

මෙම අස්ථි හමුවී තිබුණේ හැරී සහ මේගන්ගේ සුවිසල් මන්දිරයේ සිට මීටර් 300ක් පමණ දුරින් පිහිටි ස්ථානය අඩි 03ක් තරම් ගැඹුරුක තිබියදීය.

පරික්ෂණ පවත්වන පොලීසිය පවසා සිටියේ මෙම අස්ථි කොටස් හමුවීම සහ හැරී - මේගන් යුවලට කිසිදු සම්බන්ධයක් නොමැති බවයි. හැරී සහ මේගන් මෙම මන්දිරයේ පදිංචිය සඳහා පැමිණ තිබුණේ පසුගිය වසරේ දීය.

මෙම අස්ථි ඉපැරිණි ඒවා බවට තහවුරු නොවුණහොත් වහාම ඒ සම්බන්ධ විශේෂ විමර්ශනයක් ආරම්භ කරන බවද පරික්ෂණ පවත්වන පොලීසිය විසින් සඳහන් කර තිබේ.

Rate this item
(0 votes)