April 27, 2024

ලෝක ප්‍රසිද්ධ “ටාසන්” ගුවන් යානා අනතුරකින් ජීවිතක්ෂයට පත්වෙයි

වර්ෂ 1989 දී රූපවාහිනී කතාමාලාවක් ලෙස විකාශය වූ "ටාසන් ඉන් මෑන්හැටන්" සහ 1996-97 කාලය තුළ විකාශය වූ "ටාසන්: ද එපික් ඇඩ්වෙන්චර්ස්" ටෙලි නාට්‍ය තුළ ටාසන් ලෙස රංගනයෙන් දායක වූ ජෝ ලාරා ගුවන් යානා අනතුරකින් ජීවිතක්ෂයට පත්ව තිබේ.

පසුගිය සෙනසුරාදා (29) දිනයේ දී ඇමෙරිකාවේ ටෙනසි ප්‍රාන්තයේ ස්මර්නා ගුවන්තොටුපොළේ සිට ෆ්ලොරිඩා ප්‍රාන්තයේ පාම් බීච් වෙත ගමන් කරමින් සිටි මෙම ගුවන් යානා රාත්‍රී 11.00ට පමණ නැෂ්විල් නගරයේ පිහිටි විලක් වෙත කඩා වැටී තිබේ.

එම අවස්ථාවේ එහි ජෝ ලාරා ඔහුගේ බිරිඳ ඇතුළු පුද්ගලයින් 07 දෙනෙකු සිට ඇති බව වාර්තා වෙයි. 

යානයේ දිවි රැකගත් පිරිස ඇති බවට ගලවා ගැනීමේ කණ්ඩායම් විශ්වාස නොකර අතර ඔවුන් යානායේ සුන්බුන් සොයා විමර්ශන ක්‍රියාත්මක කර තිබේ.

Rate this item
(0 votes)