April 27, 2024

ඇමෙරිකාවේ කොරෝනා එන්නත් මාත්‍රා දෙකම ගත්ත දසදහසකට යළිත් කොරෝනා හැදෙයි

ඇමෙරිකා එක්සත් ජනපදයේ වසංගත රෝග පාලනය සඳහා වූ මධ්‍යස්ථානය නිකුත් කළ නවතම වාර්තාවක් අනුව එරට කොරෝනා සඳහා වූ එන්නත් මාත්‍රා දෙකම ලබාගත් පුද්ගලයින් දස දහසකට නැවත කොවිඩ්-19 වෛරසය ආසාදනය වී තිබේ.

2021 ජනවාරි 1 වැනිදා සිට අප්‍රේල් මස 31 දක්වා කාලය තුළ අධ්‍යනය කිරීමෙන් අනතුරුව මෙම වාර්තාව නිකුත් කර ඇති අතර එම වාර්තාව අනුව මෙම කරුණු හෙළිදරව් වී තිබේ.

ඇමෙරිකාවේ ප්‍රාන්ත 46ක ආශ්‍රයෙන් කරන ලද මෙම විමර්ශනයක් අනුව මාත්‍රා දෙකම ලබාගත් පුද්ගලයින් 10,262ක් හට මෙලෙස නැවත කෝවිඩ්-19 ආසාදනය වී ඇති අතර එම වාර්තා වූ රෝගීන්ගෙන් 7%ක ප්‍රමාණයක් කෝවිඩ්-19 රෝග ලක්ෂන හේතුවෙන් නැවත රෝහල් ගත කර ඇති අතර 1.6%ක පිරිසක් මියගොස් ඇති බවද එම මාධ්‍යස්ථානයේ වාර්තාව තුළ සඳහන්ව ඇත.

මෙලෙස එන්නත මාත්‍රා 02කම ලබාගත් අයගේ සාමාන්‍ය වයස් සීමාව අවුරුදු 58ක් පමණ වන අතර ඉන් 63%ක්ම කාන්තාවන් වෙති.

එක්සත් ජනපදයේ වසංගත රෝග පාලනය සඳහා වූ මධ්‍යස්ථානය විසින් මෙම දත්ත ලබාගෙන තිබුණේ ඔවුන්ගේ සමීක්ෂණය සඳහා ස්වේඡාවෙන් ඉදිරිපත් වූ පිරිසකගෙන් පමණක් බව එම මධ්‍යස්ථානය වාර්තා කර ඇති අතර සැබෑ පිරිස මීට වඩා වැඩි විය හැකි බවද ඔවුන් අවධාරණය කර තිබේ.

මෙම නව ආසාදිතයන්ට වැළැඳී ඇති කොරෝනා වෛරස් කාණ්ඩය බ්‍රිතාන්‍ය වැනි පරිණාමයට ලක් වූ වෛරස් ප්‍රභේදයන්ට සමාන බව පෙන්වා දෙන එම මධ්‍යස්ථානය අවධාරණය කරන්නේ නව වෛරස් ප්‍රභේදයන්ට ඇමෙරිකාව තුළ ලබාදෙන එන්නත් ඵලාදායිද යන්න පිළිබඳව ගැටලු සහගත තත්ත්වයක් ඇතිව තිබෙන බව මෙම වාර්තාවලින් පෙනී යන බව සඳහන් කර තිබේ.

Rate this item
(1 Vote)
Last modified on Wednesday, 26 May 2021 15:19