May 21, 2024

පැය 5ක් තුළ චීනය යළි සෙළවෙයි

චීනය තුළ තවත් භූ චලනයක් හටගෙන තිබෙනවා.

මෙවර එහි ප්‍රබලත්වය දැක්වෙන්නේ 7.4ක් ලෙසයි.

මීට පැයකට පමණ පෙර චීනයේ ක්වින්ගායි පළාතෙහි මෙය සිදුව ඇති බව සඳහන්.

පැය කිහිපයක් තුළ චීනය තුළ සිදු වූ දෙවැනි ප්‍රබල භූ චලනය මෙය වන අතර පළමු භූ චලනය මීට පැය 5කට පමණ පෙර වාර්තා වූයේ  නිරිතදිග චීනයේ පිහිටි යුනාන් පළාතේයි.

එහි ප්‍රබලත්වය අංශක 6.4 ක් වූවා.

එමෙන්ම එම ප්‍රදේශයෙන් පසුකම්පන වාර්තා වීම් මේවන විටත් සිදු වන බව සඳහන්.

Rate this item
(0 votes)
Last modified on Saturday, 22 May 2021 00:19