April 23, 2024

BREAKING: ශ්‍රී ලංකාව ආසන්න මුහුදේ භූ චලනයක්

December 29, 2021

මෙරට නැගෙනහිර වෙළරට ඔබ්බෙන් වූ සාගරයේ භූ චලනයක් සිදුව තිබෙනවා.

එහි ප්‍රබලත්වය රිච්ටර් මාපාංකයේ සටහන් වී ඇත්තේ ඒකක 4.3ක් ලෙසින්.

මඩකලපුව ප්‍රදේශයේ ශ්‍රී ලංකා භූමියේ සිට කිලෝමීටර 300ක පමණ දුරින් පිහිටි සාගරයේ මෙම භූ චලනය සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම එය කිලෝමිටර් 21 ක් පමණ ගැඹුරින් වූ සාගර පතුලෙහි සිදුව ඇති බව සඳහන්.

මෙය සිදුව ඇත්තේ අද (29) රාත්‍රී 7.14ට පමණ යි.

මේ අතර මෙම භූ චලනයෙන් ශ්‍රි ලංකාවට කිසිදු බලපෑමක් නොමැති බව ආපදා කළමණාකරණ මධ්‍යස්තානයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කළා.

Rate this item
(1 Vote)
Last modified on Wednesday, 29 December 2021 20:28