April 19, 2024

චීනයෙන් ඩොලර් බිලියන 25.5 ආධාරයක් - ව්‍යාපෘතිත් නම් කරයි

චීන විදේශ අමාත්‍ය වැන්ග් යී මහතාගේ මෙරට සංචාරය අතරතුරදී ශ්‍රී ලංකාවට මූල්‍ය ප්‍රදානයක් සිදුකිරීම ඇතුළු ව්‍යාපෘති කිහිපයක් සඳහා දායකත්වය ලබාදීමට එකඟ වී තිබෙනවා.

ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර තිබුනා.

එහිදී ශ්‍රී ලංකාවට රුපියල් බිලියන 25.5ක මූල්‍ය පරිත්‍යාගයක් සිදුකිරීම ඇතුළු ව්‍යාපෘති 4ක් සිදුකිරීමට චීන විදේශ අමාත්‍ය වැන්ග් යී මහතා එකඟ වී තිබෙනවා.

එම ට්විටර් පණිවුඩයේ වැඩිදුරටත් සඳහන් වන්නේ BMICH අලුත්වැඩියාව, වකුගඩු රෝගීන් හඳුනාගැනීම පහසු කිරීමේ උපාංග සහිත ගිලන් රථ සැපයීම, කොළඹ සිටින අඩු ආදායම්ලාභීන් සඳහා අඩු ආදායම් ලාභීන් සඳහා නිවාස ඒකක 1996ක් ඉදිකිරීම පිළිබඳ ගිවිසුම් ඒ අතර වන බවයි.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 12 January 2022 11:06

Related items