March 28, 2024

සුනාමියෙන් බැට කෑ ටොන්ගාව යළි සෙළවෙයි

ටොන්ගා දිවයින ආශ්‍රිතව භූ චලනයක් සිදුව ඇති බව වාර්තා වෙනවා.

එහි ප්‍රබලත්වය සටහන්ව ඇත්තේ ඒකක 6.2ක් ලෙසින්.

විද්‍යාඥයින් පවසන්නේ මෙය කිලෝමීටර 14.5ක් පොළව අභ්‍යන්තරයේ හටගෙන ඇති බව යි.

මෙම භූ චලනය ටොන්ගා වැසියන් හට ඉතා ප්‍රබල ලෙස දැනී ඇති බව පුවත් ආරංචි මාර්ග පවසනවා.

පසුගිය 15 වැනි දා ටොන්ගා දිවයිනට ආසන්නයේ ඇති සාගරය අභ්‍යන්තරයේ තිබූ ගිනි කන්දක් ප්‍රබල ලෙස පුපුරා ගියා.

ඉන් සුනාමියක් ද හටගත් අතර ටොන්ගා දිවයින ඉන් මහත් විනාශයකට ලක් වූවා.

සුනාමි තත්ත්වය කොතරම් ප්‍රබල වූයේ ද කිවහොත්, ටොන්ගා දිවයිනෙන් කිලෝමීටර දහස් ගණනක් ඈතින් වූ රාජ්‍යයන් වෙත පවා සුනාමි රළ පහර පැමිණියා.

එමෙන්ම සුනාමි තත්ත්වයෙන් ටොන්ගා රාජ්‍යයට අන්තර්ජාල පහසුකම් සපයන සාගර අභ්‍යන්තර රැහැන් පද්ධතිය විනාශ වූ අතර එය මේවන විටත් යථා තත්ත්වයට පත් කොට නැහැ.

මේ නිසා ටොන්ගා රාජ්‍යය මේවන විට ලෝකයෙන් වෙන්ව හුදකලා තත්ත්වයෙන් පසුවන්නේ බාහිර ලෝකය සමග කිසිදු සන්නිවේදන සබඳතාවක් නොමැති හෙයින්.

Rate this item
(2 votes)
Last modified on Thursday, 27 January 2022 18:33