May 06, 2024

හඳුනා නොගත් පියාසර වස්තූන් ගැන ඇමෙරිකාව කළ රහස් පරික්ෂණ ගැන හිටපු ජනපති හෙළි කරයි (VIDEO)

ඇමෙරිකාවේ හිටපු නාවික හමුදා සෙබළුකු විසින් නිකුත් කරන ලද හඳුනා නොගත් පියාසර වස්තූන් (UFO) පිළිබඳව වීඩියෝවක් මේ වන ඇමෙරිකානු සමාජ මාධ්‍ය කැළඹීමට සමත්ව තිබේ.

එහිදී එම නාවික හමුදා නිලධාරියා විසින් රාජකාරියේ යෙදී සිටින සමයේ දී පටිගත කරන ලද දර්ශනයක මෙම හඳුනා නොගත් පියාසර වස්තූන් නිරික්ෂණය කර තිබේ.

ඇමෙරිකාවේ හිටපු ජනාධිපතිවරයෙකු වන බැරක් ඔබාමා විසින්ද මෙම පියාසර වස්තූන් පිළිබඳව රූපවාහිනී වැඩසටහනකට එක්ව අදහස් පළ කර තිබේ. 

එහිද හිටපු ජනාධිපතිවරයා විසින් සිනාසෙමින් සඳහන් කර සිටියේ තමන් 2008 දී බලයට පත්වන අවස්ථාවේ ඇමෙරිකාව කරන ලද අභ්‍යාවකාශ ජීවින් සහ පියාසර වස්තූන් පිළිබඳව පරික්ෂණ ගැන දැනගැනීමට කුතුහලයෙන් සිටි බවයි. 

එහිදී ජනාධිපතිවරයා විසින් අභ්‍යාවකාශ වස්තූන් හා පිටසක්වළ ජීවින් පිළිබඳව පරික්ෂණයන් කරනු ලබන පරික්ෂණාගාරය පිහිටා ඇත්තේ කොහේදැයි විමසා සිටි බවත්, එහිදී තමන්ගේ නිලධාරීන් පුදුමයට පත් වෙමින් එවැනි ආකාරයේ විද්‍යාගාරයක් නොමැති බව ප්‍රකාශ කළ බවට සඳහන් කළේ සිනාසෙමිනි.

අහසේ වස්තූන්ගේ දර්ශන හා වාර්තා තිබෙන බව හරියටම නොදන්නා බවත්, මෙම වස්තූන්ගේ ගමන් කළ ආකාරය සහ ඒවායේ ගමන් මඟ පැහැදිලි කළ නොහැකි දෙයක් බවද ඔබාමා විසින් සඳහන් කළේය. 

එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ මිනිසුන් මෙම හඳුනා නොගත් අභ්‍යාවකාශ වස්තූන් පිළිබඳව බැරෑරුම් විමර්ශනය කළ යුතු බවත් එසේ කර ඒවා කුමක්දැයි සොයා බැලිය යුතු බවයි.  එම වස්තූන් පිළිබඳව තමන්ට වාර්තා කිරීම සඳහා කරුණු නොමැති බවද හිටපු ජනාධිපතිවරයා විසින් සඳහන් කර තිබුණි.

හිටපු නාවිකා හමුදා සෙබළුන් දෙදෙනෙකු මීට පෙර CNN මාධ්‍යජාලයට අදහස් දක්වමින් පවසා තිබුණේ මෙම පිටසක්වල යානා ඇමෙරිකානු යුධ තාක්ෂණයට වඩා වසර 1,000ක් ඉදිරියෙන් ඇති බවයි.

කෙසේ වෙතත් මෙම හඳුනා නොගත් පියාසර වස්තූන් පිළිබඳව සමාජ මාධ්‍ය තුළ විවිධ අදහස් පළවෙමින් ඇති අතර පිරිසක් මෙය හාස්‍යයට ලක් කරමින් සිටින අතර තවත් පිරිසක් මෙය ලෝකයට තර්ජනයක් සහිත බරපතළ කාරණයක් ලෙස දකිමින් සිටියි.

හිටපු නාවික හමුදා සෙබළා විසින් ප්‍රසිද්ධ කරන ලද හඳුනානොගත් පියාසර වස්තුවේ වීඩියෝ පහතින්,

Rate this item
(0 votes)