May 18, 2024

ආරක්ෂක මණ්ඩලයේ උත්සාහය අසාර්ථකයි - ඊශ්‍රායල උපරිම බලයෙන් පහර දෙයි

ඊශ්‍රායලය සහ පලස්තීනය අතර සතියක පමණ සිට පැවැත්වෙන උග්‍ර ගැටුම් නිමාවට පත් කිරීමේ අරමුණින් ඊයේ (15) දිනයේ දී එක්සත් ජාතින්ගේ ආරක්ෂක මණ්ඩලය රැස්ව වූ නමුත් කිසිවෙකුටත් පොදු එකඟතාවයකට පැමිණීමට නොහැකි වීම හේතුවෙන් එම උත්සාහය ව්‍යර්ථ වී ගොස් තිබේ.

ඊශ්‍රායලයේ ළඟම සගයා වන ඇමෙරිකානු එක්සත් ජනපදය විසින් පවසා තිබුණේ සටන් විරාමයක් අපේක්ෂා කරන්නේ නම් සහයෝගය ලබා දීමට එක්සත් ජනපදය සූදානම් බවයි. එමෙන්ම ගැටුම අවසන් කිරීමට වෙහෙස නොබලා කටයුතු කරන බවත් එහිදී එක්සත් ජනපදය විසින් ප්‍රකාශ කර තිබුණි.

පලස්තීනය විසින් එහිදී සඳහන් කර තිබුණේ ඊශ්‍රායලය විසින් දියත් කරන ලද ප්‍රහාර හේතුවෙන් ගාසා තිරයේ සරණාගත කඳවුරු වෙත ප්‍රහාර එල්ල වූ බවයි. එමෙන්ම එකම පවුලේ 10 දෙනෙකු මිය ගිය බවත් කුඩා දරුවන් සුන්බුන් තුළ සිරවී සිටියදී සොයා ගත් බවද ඊශ්‍රයාලය සඳහන් කර තිබුණි. 

ඊශ්‍රායලය විසින් ද පලස්තීනය වෙත චෝදනා කර සිටියේ හමාස් ප්‍රහාරයන් හමුවේ 10 හැවිරිදි දැරියක් මිය ගිය බවත්, ඊශ්‍රායල විසින් සිවිල් ජනතාව ආරක්ෂා කරමින් ත්‍රස්ත ප්‍රහාරවලින් ආරක්ෂා කරමින් ත්‍රස්ත ප්‍රහාරවලට පහර දීම සඳහා වීරෝදාර ප්‍රයත්නයක නිරත වන බවද සඳහන් කර තිබුණි. එමෙන්ම ඊශ්‍රායල ආරක්ෂක මණ්ඩල නිත්‍ය නියෝජිතවරයා වැඩිදුරටත් සාමාජික රටවලින් විමසා සිටියේ තමන්ගේ රටට රොකට් ප්‍රහාර දහස් ගානක් එල්ල වුවහොත් ගන්නා පියවර කමක් වේවිද යන්නයි. එමෙන්ම ඊශ්‍රායලය විසින් සිය ආරක්ෂාව පතා ගත හැකි ඉහළම ක්‍රියාමාර්ග ගන්නා බවද නිත්‍ය නියෝජිතයා විසින් අනතුරු ඇඟවීමක්ද කළේය.

අද (17) අලුයම 02කට පමණ අ.ඩී.එෆ් විසින් ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් “අපේ ප්‍රහාරක ජෙට් යානා මේ වන විට ගාසා තීරයේ ත්‍රස්ත ඉලක්ක කරා ගමන් කරමින් සිටිනවා” ලෙස පවසා තිබුණු අතර පසුව ගාසා තීරය වෙත ඊශ්‍රායලය විසින් ප්‍රබල පුළුල් ගුවන් ප්‍රහාර කිහිපයක් එල්ල කර තිබෙන බවට ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබේ. 

Rate this item
(0 votes)