May 06, 2024

ලෝක ප්‍රථම සඳ ගමනේ ගඟනගාමියෙකු වූ මයිකල් කොලින්ස් ජීවිතයෙන් සමුගනී

ලෝකයේ ප්‍රථම සඳ ගමන වූ ඇපලෝ 11 මෙහෙයුමේ ගඟනගාමීන් තිදෙනාගෙන් එක් අයෙකු වූ මයිකල් කොලින්ස් 90 හැවිරිදි වියේදී සිය ජීවිතයෙන් සමුගෙන තිබේ.

පිළිකා රෝගී තත්ත්වයක් හේතුවෙන් ඔහු කාලයක් තිස්සේ පීඩා විඳිමින් සිටි බවද කොලින්ස්ගේ ඥාතින් විදෙස් මාධ්‍ය වෙත පවසා තිබුණි.

1969 ලෝකයේ ප්‍රථම සඳ ගමනයේ දී නීල් ආම්ස්ට්‍රෝං සහ බස් ඇල්ඩ්‍රින් විසින් සඳ මත පා තබන අවස්ථාවේ මයිකල් කොලින්ස් සඳේ කක්ෂයේ ඇපලෝ යානය හසුරුවමින් සිටියේය.

මයිකල් කොලින්ස් උපත ලබා තිබුණේ වර්ෂ 1930 ඔක්තොම්බර් 31 වැනිදායි.

මේ වන විට ප්‍රථම සඳ ගමනේ ඉතිරිව සිටින්නේ බස් ඇල්ඩ්‍රින් පමණක් වන අතර ඔහු 91 වෙනි වියේ පසුවෙයි.

Rate this item
(0 votes)