May 19, 2024

අනතුරකට පත්ව සිටි පුද්ගලයෙකුට උදව් නොකර කැමරා කළ තරුණයාට වැඩ වරදී

ඕස්ට්‍රේලියානු ජාතිකයෙකුට එරට අධිකරණය විසින් ඓතිහාසික තීන්දුවක් ලබා දී තිබේ. ඒ ඔහු විසින් රිය අනතුරකට පත්ව සිටි පුද්ගලයෙකුට උපකාර නොකර සිය ජංගම දුරකථනය ගෙන එම පුද්ගලයාව පටිගත කිරීමක් සම්බන්ධවයි.

උකස් තැරැව්කරුවෙකු වූ රිචඩ් ප්යූසී නම් 42 හැවිරිදි සැකකරු විසින් මෙල්බර්න් හී අධිවේගී මාර්ගය වේග සීමා කඩමින් රිය ධාවනය කරමින් සිටින අවස්ථාවේදී පොලිස් නිලධාරීන් හතර දෙනෙකු විසින් ඔහුව නවතා දඩ ලිවීමට කටයුතු කර තිබුණි.

එහිදී මාර්ගයේ තවත් වේගයෙන් ධාවනය වූ ලොරි රථයකට පොලිස් නිලධාරීන් සිව්දෙනාම ගැටී ඇති අතර එම ස්ථානයේම ඔවුන් සිව් දෙනා මිය ගොස් තිබුණි.

එහිදී සැකකරු විසින් සිය ජංගම දුරකථනය ගෙන කිසිදු නිලධාරියෙකුට උපකාර නොකරමින් කැමරා කරමින් සිටි ඇති බවට මෙල්බර් පොලීසිය විසින් අධිකරණයට සාක්ෂි සහිතව හෙළි කර තිබුණි.

මෙම සාක්ෂි අතර තිබී ඇති වීඩියෝවක ජ්‍යේෂ්ඨ පොලිස් කොස්තාපල්වරයෙකු ලොරි රථයට යට වී අසාධ්‍ය තත්ත්වයේ සිට ඇති අතර රිචඩ් විසින් ඔහුට කිසිදු උපකාරයක් නොකර අපහාස කරමින් ඔහු මිය යමින් සිටින ආකාරයද සටහන්ව තිබුණි. වෛද්‍යවරුන් පවසා තිබුණේ එම නිලධාරින් හට ඉක්මණ් උපකාරයක් ලබාදුන්නේ නම් ඔහුගේ ජීවිත ගලවා ගැනීමට තිබූ බවයි.

අධිකරණය විසින් සැකකරුව මෙම අනතුරට වැරැදිකරුවෙකු ලෙස ප්‍රකාශයට පත් කර තිබූ අතර එම තීන්දුව ලබාදෙමින් විනිසුරුවරයා ප්‍රකාශ කර තිබුණේ රිචඩ්ගේ හැසිරීම නින්දිත, අනුකම්පා විරහිත, කෘෘර හැසිරීමක් බවයි.

රිචඩ් ප්යූසීගේ මානසික මට්ටම අස්ථාවරව තිබූ බවත් ඔහු විසින් පෙර ඒ සඳහා ප්‍රතිකාර පවා ලබාගෙන තිබූ බවට අධිකරණය වෙත කරුණු පෙන්වා දී තිබුණත් අධිකරණය විසින් එය නිදහසට කරුණක් නොවන බවට ප්‍රකාශ කර තිබේ.

ඒ අනුව රිචඩ් හට ඕස්ට්‍රේලියානු ඩොලර් 1000ක දඩයක්ද, මාස 10ක සිරදඬුවමක්ද ලබාදී තිබේ. 

එමෙන්ම අනතුරට සම්බන්ධ වූ ලොරි රථ රියදුරාට එරෙහිව මීට පෙර දඬුවම් ලබාදී තිබූ අතර ඔහුට මරණයක් සිදු කිරීමේ වරදට වසර 22ක සිරදඬුවමක් ලබාදී තිබුණි. ඉන්දීය ජාතිකයෙකු වන මෙම රියදුරා විසි අනතුර සිදු කරන අවස්ථාවේ අධික ලෙස මත්ද්‍රව්‍ය භාවිත කර සිට ඇතිබවටද හෙළිවී තිබේ.

අනතුරේ ඡායාරූප පහතින්,

Rate this item
(0 votes)