May 07, 2024

පෘථිවියෙන් පාලනය කළ අඟහරුවල ගුවන් ගත කළ ලෝකයේ පළමු හෙලිකොප්ටරය

නාසා හි ප්‍රසවෙරන්ස් රෝවරය විසින් ලෝකයේ ඓතිහාසික සිදුවීමක් ප්‍රථම වරට වීඩියෝ ගත කිරීමට සමත් වී තිබේ.

මෙහිදී රෝවරය විසින්  නාසා ආයතනයේ ඉන්ජෙන්විටි අඟහරු හෙලිකොප්ටරය ඊයේ (19) දිනයේ දී ගුවන් ගත කරන ආකාරය සනිටුහන්ව තිබුණි.

මෙම හෙලිකොප්ටරය ගුවන් ගත කිරීමේ මෙහෙයුම ක්‍රියාත්මක කර තිබුණේ පෘථිවියේ සිට වීමද විශේෂත්වයකි.

 මෙම වීඩියෝව පටිගත කිරීම සඳහා ප්‍රසවෙරන්ස් රෝවරය අඟහරුගේ ජෙසෙරෝ ආවාටයේ අඩි 211 ක් (මීටර 64.3 ක්) ක් උඩින් පිහිටි “වැන් සයිල් ඕවර්ලූක්” වෙත ගොස් තිබුණි. 

රෝවර්යේ මාස්ට්කෑම්-ඉසෙඩ් කැමරාවලින් මෙම හෙලිකොප්ටරයේ ගුවන් ගත කිරීම් විකාශය කළ අතර එහිදී හෙලිකොප්ටරය සාර්ථකව ගුවන් ගතව නැවත ගොඩ බස්වන ආකාරය සටහන්ව තිබුණි.

මෙම පළමු ගුවන් ගමන අතරතුර, හෙලිකොප්ටරය අඩි 10 ක් (මීටර් 3) ක ඉහළට නැඟී නැවත ගොඩ බස්වා තිබුණි.

රාත්තල් 4 (කිලෝග්‍රෑම් 1.8) රොටර්ක්‍රොෆ්ට් යානාව අඟහරු ග්‍රහයා මත අනාගත ගවේෂණවලට ඉමහත් පිටුවහලක් වනු ඇති බවත්, අඟහරුවලට ඉහළ අහසේ සිට එම ග්‍රාහයාගේ හෙළි නොවූ තවත් බොහෝ දේ හෙළි කරගැනීමට හැකිවනු ඇති බවත් නාසාහී පර්යේෂකවරුන් විසින් පවසා තිබේ.

එම අවස්ථාවේ වීඩියෝව පහතින්,

Rate this item
(1 Vote)