May 06, 2024

රියදුරෙකු නොමැතිව ගිය දෙදෙනෙකු ඝාතනය කළ අධි තාක්ෂණික ටෙස්ලා මෝටර් රථය ගැන ටෙස්ලා හිමිකරු පිළිතුරු දෙයි

පසුගිය 19 වැනිදා ටෙක්සාස්, නැගෙනහිර හූස්ටන් හී මාර්ගයකදී ටෙස්ලා මෝටර් රථයක් අධික වේගයෙන් ධාවනය වී ගසක හැපී පුපුරා ගිය අතර එම අවස්ථාවේ රථයේ සිටි පුද්ගලයන් දෙදෙනෙකු ද මියගොස් තිබුණි.

මෙම මිය ගිය දෙදෙනාම මගී අසුන්වල සිටීම නිසා මෙම ටෙස්ලා රථවලටම ආවේනික වූ ස්වයංක්‍රීය නියුම පද්ධතිය ක්‍රියාත්මක තිබෙන්නට ඇති බවට පරික්ෂණ පවත්වන ටෙක්සාස් පොලිස් දෙපාර්තුමේන්තුව අවධාරණය කර තිබුණි.

මෙම චෝදනාව සමඟ සමාජ මාධ්‍ය තුළ යම් කැලඹීමක් ඇතිව තිබූ අතර ටෙස්ලා සමාගමේ නිර්මාතෘවරයා මෙන්ම ලෝක තාක්ෂණික දැවැන්තයා වන එලෝන් මස්ක් විසින් මෙම චෝදනාවට පිළිතුරු ලබාදී තිබේ.

එලෝන් මස්ක් මේ බව කියා තිබුණේ මෙම අනතුර පිළිබඳව ටෙස්ලා රසිකයෙකු විසින් තබා තිබූ සටහනකට පිළිතුරු ලබාදෙමිනි.

එහිදී අහමඩ් ඒ ඩල්හට් නම් ටෙස්ලා රසිකයා විසින් ට්විටර් සමාජ මාධ්‍යයේ සටහනක් තබමින් පවසා තිබුණේ මෙම අධි තාක්ෂණික ටෙස්ලා රථවල ස්වයංක්‍රීය නියමු පද්ධතිය ක්‍රියාත්මක වීම සඳහා රියදුරු අසුනේ අනිවාර්යෙන්ම රියදුරා සිටිය යුතු බවයි. එමෙන්ම සෑම තප්පර 10කට වරක්ම රථයේ සුක්කානමට රියදුරු අසුනේ රැදී සිටින බවට සංඥා කළ යුතු බවත් ඔහු කියා තිබුණේ ටෙස්ලා රථය සෑම විටම ආරක්ෂාකාරී ක්‍රම අනුගමනය කරන බවටද පවසමිනි.

අහමඩ්ගේ මෙම ප්‍රකාශය උපුටා දක්වමින් එලෝන් මස්ක්ද එය තහවුරු කර තිබුණු අතර පරික්ෂණ පවත්වන පොලිස් කණ්ඩායම සම්ච්චලයට ලක් කරමින් එලෝන් පවසා තිබුණේ පරික්ෂණ පත්වන වෘත්තීමය කියා ගන්නා පිරිසට වඩා අහම්ඩ් හට දැනුම ඇති බවයි.

එමෙන්ම මස්ක් විසින් සඳහන් කර තිබුණේ මෝටර් රථයේ ඩෙටා පද්ධතිය මේ වන විට පරික්ෂාවට ලක් කර ඇති බවත් එහි ස්වයංක්‍රීය නියමු පද්ධතිය ක්‍රියාත්මක වූ බවට සාධක හමුවී නොමැති බවයි. එමෙන්ම ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබුණේ මෙම මෝටර් රථය මිලදී ගැනීමේදී පුර්ණ ස්වයං රිය පැදවීමේ පද්ධතිය සහිතව මිලදී ගෙන නොමැති බවයි.

එමෙන්ම එම මෝටර් රථ සඳහා ඇති ස්වයං නියමු පද්ධතිය ක්‍රියාත්මක වන්නේ කෙළින් ඇති මාර්ගවලදී පමණක් බවත් මෙම මෝටර් රථය එවැනි මාර්ගයක් සහිත ස්ථානයක් නොවන බවත් එලෝන් මස්ක් විසින් ප්‍රකාශ කර තිබේ.

සැබැඳි පුවත -

රියදුරෙකු නොමැතිව ධාවනය වූ අධි තාක්ෂණික ටෙස්ලා මෝටර් රථයක් පුද්ගලයින් දෙදෙනෙකු මරා දමයි (VIDEO)

Rate this item
(0 votes)