May 07, 2024

ඇමෙරිකානු උප ජනපති කමලා හැරිස් ඝාතනයට තැත්කළ හෙදියක් අත්අඩංගුවට

ඇමෙරිකානු උප ජනාධිපතිවරිය වන කමලා හැරිස් ඝාතනය කරන බවට තර්ජනය කළ 39 හැවිරිදි හෙදියක් ඊයේ (17) දිනයේ දී ඇමෙරිකානු ෆ්ලෝරිඩා පොලිස් අංශ විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම පරික්ෂණය සඳහා ඇමෙරිකානු රහස් අංශයන් ද සම්බන්ධ වී තිබුණු වන අතර ෆ්ලොර්ඩි පොලීසිය සමඟ කළ ඒකාබද්ධ මෙහෙයුමකින් අනතුරුව නිවියන් පෙටිට් ෆෙල්ප්ස් නම් මෙම හෙදිය අත්අඩංගුවට ගෙන තිබේ.

ඇය විසින් සිය සිර භාරයේ සිටින සිය සැමියා හා කමලා හැරිස් ඝාතනය කිරීම පිළිබඳවත්, දින 50ක් තුළ ඇයව ඝාතනය කිරීම තමන්ගේ සැලසුම බවත් ප්‍රකාශ කරන ලද වීඩියෝපට කිහිපයක් ද සොයාගෙන ඇති බව සඳහන් වෙයි.

එමෙන්ම ඇය අවි පුහුණුව ලබා ගැනීමට ගොස් සිටින ඡායාරූප මෙන්ම, ගිනි අවි බලපත්‍රයක් ලබා ගැනීම සඳහා කරන ලද ඉල්ලුම් පත්‍රිකාවක්ද රහස් අංශ විසින් සොයාගෙන තිබේ.

ඇයට විරුද්ධව මේ වන විට ඇමෙරිකා එක්සත් ජනපදයේ උප ජනාධිපතිවරිය වන කමලා හැරිස් ඝාතනය කිරීම පිළිබඳව දැනුවත්ව සහ හිතමතාම තර්ජනය කිරීම, ශාරීරික වදහිංසා කර මරා දමන බවට කරන ලද තර්ජන යන චෝදනා යටතේ නඩු පවරා ඇති බවත් වාර්තා වෙයි.

Rate this item
(0 votes)