May 03, 2024

තෙල් නල පද්ධතියක් නිසා ඇමෙරිකානු ජනපති බයිඩනගේ පාර්ශවය දෙකඩ වෙයි

February 02, 2021

ඇමෙරිකානු ජනාධිපතිවරණය අවස්ථාවේ දී වත්මන් ජනාධිපති ජෝ බයිඩන් ට සහාය දීමට එක්ව සිටි පරිසරවේදීන් සහ කම්කරු සමිති අතර උණුසුම් තත්ත්වයක් මේ වනවිට නිර්මාණය වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ කැනඩාව සහ ඇමෙරිකා එක්සත් ජනපදය නිර්මාණය කිරීමට යන තෙල් ප්‍රවාහන නල පද්ධතියක් මුලික කරගෙනයි.

ලෝකයේ විශාලතම තෙල් සහ ගෑස් නිෂ්පාදනය කරන රට වන්නේ ද ඇමෙරිකා එක්සත් ජනපදයයි. ඇමෙරිකාව 2050 වන විට ශූනය කාබන් විමෝචනයක් සහිත රටක් බවට පත් කිරීමට ජනපති බයිඩන් අපේක්ෂා කරන අතර ඔහුගේ දේශගුණික විපර්යාස නැවැත්වීමේ අරමුණේ එක ප්‍රධාන අංගයක් ලෙසද එය සඳහන් වෙයි.

ඒ නිසාම ඔහු විසින් ඇමෙරිකාව සහ කැනඩාව යා කරමින් නිර්මාණය කිරීමට යෝජිත කීස්ටන් එක්ස්එල් බොරතෙල් නල මාර්ගයේ (කේඑක්එල්) බලපත්‍රයක් අවලංගු කිරීම සහ තෙල් හා ගෑස් ලීසිං අඩු කිරීමද කිරීමට නියමිතය.

මෙම නැවැත්වීම ගැන පරිසර සංවිධානයන් සහ ක්‍රියාකාරීකයන් සතුටු වෙමින් සිටින අතර කම්කරු සංවිධානයන් සිය විරෝධය පළ කරමින් මෙම ව්‍යාපෘතිය නැවත බලගැන්වීම සඳහා කටයුතු කරමින් සිටින බව සඳහන් වෙයි.

Rate this item
(0 votes)