May 03, 2024

ලෝකයම හෙල්ලූ “බ්ලැක් ලයිව් මැටර් (Black Live Matter)” සටන නොබෙල් ත්‍යාගයට තේරී පත්වෙයි

ඇමෙරිකාවේ ජෝර්ජ් ෆ්ලොයිඩ් නම් ඇමෙරිකානු කළු ජාතිකයාගේ ගෙලට පොලිස් නිලධාරීයෙකු විසින් දණහිස සිරකොට ඝාතනය කිරීමත් සමඟ ඇමෙරිකාව පුරා දැවැන්ත විරෝධතාවයක් ආරම්භ විය.

මෙම විරෝධතාවය “බ්ලැක් ලයිව් මැටර්  (Black Live Matter)” නමින් නම් වූ අතර මෙය ඇමෙරිකාව තුළ පමණක් නොව ලෝකය පුරාවටම විහිදි ගියේය. මෙය ඇමෙරිකානු දේශපාලනය තුළ පවා පෙරළියක් කිරීමට සමත් වූ අවස්ථාවක් බවට පත්විය.

ඒ අනුව 2021 වසරේ නොබෙල් ත්‍යාග උළෙල වෙනුවෙන් බ්ලැක් ලයිව් මැටර් එකමුතුව ද නිර්දේශ වී ඇති අතර නිර්දේශ වීමට හේතුව බවට පත්ව තිබුණේ ගෝලීය දැනුවත්භාවය සහ සංවිධානාත්මකභාවය ඉහළ නැංවීම යන කාරණා මුලික කරගෙනය.

මෙම නම් කිරීම සිදුකර තිබුණේ නොර්වේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙකු මෙන්ම නොබෙල් ත්‍යාග කමිටුවේ සාමාජිකයෙකු වන පීටර් ඊඩ් විසිනි.

බ්ලැක් ලයිව් මැටර් ව්‍යාපාරය විසින් නොබෙල් ත්‍යාගයට නිර්දේශ වීමත් සමඟ ට්විටර් පණිවිඩයක් නිකතු කර තිබුණි.

ඔවුන් එහිදී සඳහන් කර තිබුණේ ගෝලීය ඉතිහාසයේ විශාලතම සමාජ ව්‍යාපාරය තමන් සතුව ඇති බවයි. එමෙන්ම අද තමුන් නොබෙල් සාම ත්‍යාගය සඳහා නම් කර ඇති බවත් ඔවුන් සඳහන් කර තිබුණි. ජනවාර්ගික යුක්තිය සහ ආර්ථික අසාධාරණය, පාරිසරික වර්ගවාදය සහ සුදු ආධිපත්‍යය අවසන් කිරීම සඳහා ජනතාව තමන්ගේ හඬින් අවදි වන බවද එම ව්‍යාපාර සඳහන් කර තිබුණු අතර වැඩිදුරටත් සඳහන් කර තිබුණේ මෙය තමන්ගේ ආරම්භය පමණක් බවයි.

Rate this item
(0 votes)