April 27, 2024

ඇමෙරිකා හමුදාවට සංක්‍රාන්ති ලිංගික පුද්ගලයින් බඳවා ගැනීමට තිබූ තහනම ජනපති බයිඩන් ඉවත් කරයි

ඇමෙරිකාවේ හිටපු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් සංක්‍රාන්තික ලිංගිකත්වයක් සහිත පුද්ගලයින්ට එරට හමුදාවට එකතු වීමට දමා තිබූ තහනම විධායක නියෝගයක් හරහා ඉවත් කිරීමට නව ජනපති ජෝ බයිඩන් කටයුතු කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම නියෝගය ලබා දෙමින් ජෝ බයිඩන් ජනාධීපතිවරයා විසින් පවසා ඇත්තේ ස්ත්‍රී පුරුෂ අනන්‍යතාවය හමුදා සේවයට බාධාවක් නොවිය යුතු බවත් ඇමරිකාවේ ශක්තිය එහි විවිධත්වය තුළ පවතින බවත්ය.

නමුත් මෙම තීරණයට සමහර පිරිස් විසින් විරුද්ධත්වය ප්‍රකාශ කරමින් පවසා තිබුණු බවත් සඳහන් වෙයි.

Rate this item
(1 Vote)