May 02, 2024

කොරෝනා වෛරසයට බිය වී මාස 03ක් ගුවන් තොටුපොළක සැඟව සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට

චිකාගෝ හි ඔ'හෙයාර් ජාත්‍යන්තර ගුවන්තොටුපලේ ඇතුළ් වීම සීමිත කර ඇති ප්‍රදේශයක මාස තුනක් සැඟවී සිටි බවට චෝදනා ලැබ අත්අඩංගුවට ගත් කැලිෆෝනියාවේ පුද්ගලයෙකුට සාපරාධී අපරාධයක් සම්බන්ධව චෝදනා එල්ල විය.

මෙලෙස අත්අඩංගුවට පත් 36 හැවිරිදි ආදිත්‍ය සිං විසින් චිකාගෝ පොලිසියට පවසා ඇත්තේ කොරෝනා වසංගතය නිසා පියාසර කිරීමට තමන් බියක් ඇති වූ බවයි.

ගුවන්තොටුපල ආරක්ෂක ලාංඡනයක් සොරකම් කිරීමේ ඇතුළු චෝදනා කිහිපයක් ඔහු වෙත එල්ල වී ඇත.

මෙහිදි ඔහුට විරුද්ධව තීන්දුව ලබා දුන් විනිසුරුවරයා විසින් පවසා තිබුණේ ඔහුට ඩොලර් 1,000 ක් ගෙවන්නේ නම් ඔහු නිදහස් කළ හැකි බවත්, නැවතත් ඔහුට ගුවන් තොටුපළට යෑමට අවසර ලබා නොදෙන බවත්ය.

මෙම තීන්දුව ලබා දුන් කුක් ප්‍රාන්තයේ විනිසුරු සුසානා ඔර්ටිස් විසින් සිය කනස්සල්ලය ප්‍රකාශ කරමින් විමසා සිටියේ යමෙකු අනාවරණය නොවී මෙතරම් කාලයක් ගුවන් තොටුපොළේ ආරක්ෂිත ප්‍රදේශයක රැඳී සිටිය හැකි බවද යන්නයි.‍

ආදිත්‍ය සිං විසින් ව ගුවන් තොටුපොළේ සේවකයන් දෙදෙනෙකු විසින් ඉතාමත් අහම්බයෙන් දැක තිබුණු අතර ඔහුගේ අනන්‍යතාවය පෙන්වන ලෙස පවසා සිටි අවස්ථාවේ ඔහු විසින් සොරකම් කරන ලද ගුවන්තොටුපොළ ආරක්ෂක හැඳුනුම්පත පෙන්වා තිබේ.

එම හැඳුනුම්පත එම කොටස භාරව සිටින මෙහෙයුම් කලමණාකරුවාට අයත් එකක් බවට එහිදී හඳුනාගෙන ඇති අතර ගුවන් තොටුපොළ සේවකයින් විසින් පොලීසියට මේ බව දැනුම් දී තිබේ.

ගුවන් තොටුපොළේ මගීන් විසින් ලබා දුන් ආහාර ඔහු ලබාගෙන තිබුණු අතර ඇඳුම් මල්ලක් ද ඔහු සන්තකයේ තිබී සොයාගෙන තිබේ.

අත්අඩංගුවට ගත් අවස්ථාවේ කොරෝනා වෛරසයට බිය වීම නිසා තමන් නිවෙස වෙත යෑමට බිය වූ බවද ඔහු විසින් පවසා තිබුණී.

Rate this item
(0 votes)