April 26, 2024

ජෝ බයිඩන් දිවුරුම් දෙන දිනයේ ආයුධ සන්නද්ධ කැරැල්ලකට සුදානමක් - FBI අනතුරු අඟවයි

ජෝ බයිඩන් ජනාධිපති ලෙස දිවුරුම් දීමට පෙර දිනවල එක්සත් ජනපදය පුරා සන්නද්ධ විරෝධතා පැවැත්වීමේ හැකියාව ඇති බවට ඇමෙරිකානු ෆෙඩරල් විමර්ශන කාර්යාංශය ‍(FBI) අනතුරු අඟවා තිබේ.

ජෝ ජනාධිපතිවරයා එලැඹෙන ජනවාරි 20 වැනිදා ඇමෙරිකාවේ 46 වෙනි ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දෙන දිනයට සමගාමීව මෙම ආයුධ සන්නද්ධ විරෝධතාවය පැවැත්වීමට නියමිත බවත් ඇමෙරිකාවේ අගනුවර වන වොෂින්ටන් ඩි.සී. නුවර ඇතුළු ප්‍රාන්ත 50 තුළම මෙලෙස කැරැල්ලක් ඇති වීමට ඉඩ ඇති බවද විමර්ශන කාර්යාංශය පවසා තිබේ.

මෙම අනාවරණයත් සමඟ ඇමෙරිකා එක්සත් ජනපදය තුළ ආරක්ෂාව දැඩි කිරීමට තීරණයක් ගෙන ඇතැයි වාර්තා වෙයි.

මොනම ගැටලුවක් ඇති වූවත් තමන් ඇමෙරිකානු දේශපාලන කේන්ද්‍රස්ථානය වන කැපිටල් ගොඩනැගිල්ලේ දී දිවුරුම් දීමට සුදානම් බවද ඇමෙරිකානු තේරී පත් වූ නව ජනාධිපති ජෝ බයිඩන් මාධ්‍යය හමුවේ ප්‍රකාශ කර ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඔහු සහ උප ජනාධිපති ධුරයට පත් කමලා හැරිස් යන දෙදෙනාම කැපිටල් ගොඩනැගිල්ලෙන් පිටත දිවුරුම් දෙනු ඇතැයිද වාර්තා වෙයි.

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ අන්තවාදී ආධාරකරුවන් විසින් කොංග්‍රසයේ තීරණයට එරෙහිව කැපිටල් ගොඩනැගිල්ලට පහර දී සති 02කින් පසුව නව ජනපති සහ උප ජනපති දිවුරුම් දීමට නියමිතව තිබේ.

Rate this item
(0 votes)