April 26, 2024

ඩොනල්ඞ් ට්‍රම්ප්ව ධූරයෙන් එලවා දමන්න සියල්ල සුදානම් - දෝෂාභියෝගයකුත් ඉදිරිපත් වෙයි

ඇමෙරිකාවේ වත්මන් ජනාධිපතිවරයා විසින් ඇමෙරිකා එක්සත් ජනපදයට විරුද්ධව කැරැල්ලක් මෙහෙයවමින් සහෝ සැලැසුම් කරමින් සිටින බවට චෝදනා කරමින් ඇමෙරිකානු යෝජිත මන්ත්‍රී මණ්ඩලය විසින් දෝෂාභියෝගයක් ඉදිරිපත් කිරීමට සුදානම් වන බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එක්සත් ජනපද දේශපාලනය තුළ වැදගත්ම ස්ථානය ලෙස සලකන කැපිටල් ගොඩනැගිල්ලට පහර දීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට චෝදනා කරමින් මන්ත්‍රී මණ්ඩලය අවධාරණය කර සිටියේ ට්‍රම්ප් ජනාධීපතිවරයා විසින් රජයට එරෙහිව ප්‍රචණ්ඩත්වය උසිගැන්වූ බවයි.

එමෙන්ම ඔවුන් වැඩිදුරටත් සඳහන් කර තිබුණේ ජනාධිපතිවරයා විසින්  එක්සත් ජනපද ජනාධිපති ධුරය විශ්වාසවන්තව ක්‍රියාත්මක කරන බවට වන ව්‍යවස්ථාමය දිවුරුම කඩ කළ බවයි.

ට්‍රම්ප් ජනාධිපතිවරයා විසින් කරන ලද "ඔබ උපරිමයෙන් සටන් නොකළහොත්, ඔබට රටක් නැත" යන ප්‍රකාශය උද්ඝෝෂකයන්ව කැපිටල් ගොඩනැගිල්ලට පහර දීම උසිගැන්වීමක් කළ බවද යෝජිත මන්ත්‍රී මණ්ඩලය පෙන්වා දෙයි.

එරට 25 වැනි ව්‍යවස්ථාව ප්‍රයෝජනයට ගනිමින් වත්මන් ජනාධිපතිවරයා ධූරයෙන් ඉවත් කිරීමට කටයුතු කරනු ඇතැයි එරට කතානායකවරිය වන නැන්සි පෙලෝසි ද පවසා සිටියි.

Rate this item
(0 votes)