May 20, 2024

“අපේ පාලනය කොරෝනා පතුරනවා කියලා චෝදනා කරා, අද එයාලා පාරට බැහැලා සමරනවා” - ට්‍රම්ප් පාර්ශවයේ අලුත්ම චෝදනාව මෙන්න

November 09, 2020

ට්‍රම්ප් පාර්ශවය විසින් බයිඩන් පාර්ශවය හට නැවතත් අලුත්ම චෝදනාවක් එල්ල කරමින් සිටියි.

ඔවුන්ගේ මෙම චෝදනාව වන්නේ මෙවර ජනාධිපතිවරණයේ ජය සැමරීම සඳහා දහස් ගණනක් පිරිස වීදිවලට එක් රැස් සිටීමයි.

ජනාධිපතිවරණය පැවැති සමයේ ඩිමොක්‍රටික් පක්ෂයේ ලිබරල්වාදීන් විසින් චෝදනා කළේ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පෙළපාලිවලින් සහ රැස්වීම්වලින් කොරෝනා වෛරසය සුපිරි පැතිරීමක් දක්වා වර්ධනය වී ඇති බවයි.

දැන් ඩිමොක්‍රටික් පාක්ෂිකයන් සහ එම පක්ෂය විසින් කොරෝනා පතුරවමින් සිටින බව ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පුත්‍රයා වන කණිෂ්ඨ ඩොනල්ඩ් ට්‍රම්ප් කියා සිටියි.

මාස 08කට ආසන්න කාලයක් තිස්සේ ඇමෙරිකානුවන් ආර්ථිකව සහ කොරෝනා වසංගතය නිසා පීඩාවට පත්ව සිට දැන් මෙම ලැබුණු අවස්ථාව සැමරුමක් බවට පත්කරගෙන ඇතැයි විදෙස් දේශපාලන විචාරකයන් පෙන්වා දෙයි.

නමුත් ඔවුන් යෝජනා කර තිබුණේ දෙපාර්ශවය විසින්ම මෙම සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන් අනුගමනය කළ යුතුය යන්නයි.

වොෂින්ටන් ඩි.සී නුවරට එක් වූ බොහෝ පිරිසක් සමාජ දුරස්ථභාවය පවත්වාගෙන නොගියද මුහුණු ආවරණයන් පැළැඳගෙන සිටි බවට මාධ්‍යවේදීන් විසින් විදෙස් මාධ්‍ය වෙත වාර්තා කර තිබුණි.

ජනාධිපතිවරණයේ ජයග්‍රාහකයා ප්‍රකාශයට පත් කළ පසුගිය 07 වැනිදා පමණක් ඇමෙරිකාව තුළ නව කොරෝනා ආසාදිතයන් 128,396ක් වාර්තා විය.

Rate this item
(0 votes)
Last modified on Monday, 09 November 2020 08:55