May 05, 2024

කමලා හැරිස්ට 2025 ඇමරිකානු ඉතිහාසය වෙනස් කළ හැකිද?

November 09, 2020

ඇමරිකාවේ අභිනව උප ජනාධිපති ලෙස පත් වී සිටින කමලා හැරිස් මහත්මියට 2025 ඇමරිකාවේ ජනාධිපති වීමට ඉතා හොඳ අවස්ථාවක් තිබෙන බව පෙනෙන්නට තිබේ .

කමලා හැරිස් මහත්මිය ඉන්දියානු සම්භවයක් ඇති තැනැත්තියකි.

ඩෙමොක්‍රැටික් පාක්ෂික අභිනව නව ජනාධිපති ජෝ බයිඩින් මහතා මේ වන විට පසුවන්නේ 78 වන වියේ වන අතර 2025 ඇමරිකානු ජනාධිපතිවරයා තෝරා ගැනීම සඳහා මැතිවරණය පැවැත්වෙන 2024 නොවැම්බර් තුන් වනදා වන විට ඔහු අසූ දෙවන වියට පා තබා තිබේ .

අභිනව උප ජනාධිපති කමලා හැරිස් මහත්මිය මේ වන විට 56 වන වියේ පසුවන අතර 2024 ජනාධිපතිවරණය පවත්වන විට ඇගේ වයස අවුරුදු 60ක් සපිරේ .

මෙම තත්ත්වය තුළ ඇයට ඩිමොක්‍රටික් පක්ෂය නියෝජනය කරමින් 2025 ඇමරිකානු ජනාධිපතිවරයා වීමට මහඟු අවස්ථාවක් තිබෙන අතර ඇය අභිනව උප ජනාධිපති වීමෙන් පසු ජාතිය අමතා කතා කළ කතාවේදී ද ඒ සම්බන්ධයෙන් ඉඟියක් ද පළ කරන ලදී.

මම මේ කාර්යාලයට පත් වන පළමු කාන්තාව වුවත් ඒ මේ කාර්යාලයට පත් අවසාන කාන්තාව තමා විය යුතු නැති බවය .

2025 ඇමරිකානු ජනාධිපතිවරයා වීමට කමලා හැරිස් මහත්මියට හැකි වූවොත් ඇය ඇමරිකානු ජනාධිපති ධුරයට පත් පළමු කාන්තාව පමණක් නොව එම ධූරයට පත් පළමු ආසියානු හා පළමු කළු ජාතික කාන්තාව ද වේ.

2016 වසරේ දී හිලරි ක්ලින්ටන් මහත්මිය ද ඇමරිකානු ජනාධිපති ධූරය අභියසට පැමිණි අතර එම වර්ෂයේ පැවති ජනාධිපතිවරණයේදී ඇය රිපබ්ලිකන් පාක්ෂික ඩොනල්ඩ් ට්‍රම්ප්ට පරාජය විය.

Rate this item
(0 votes)
Last modified on Sunday, 08 November 2020 21:52