May 05, 2024

ජනපතිගෙන් සහ අගමැතිගෙන් ජෝ බයිඩන්ට සුබ පැතුම්

November 08, 2020

අමෙරිකානු ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය හිමිකරගත් ඩිමොක්‍රටික් පක්ෂ අපේක්ෂක ජෝ බයිඩන් හට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සුභ පැතුම් එක්කර තිබේ.

සිය ට්ව්ටර් ගිණුමේ සටහනක් තබමින් ජනාධිපතිවරයා අමෙරිකාවේ 46වන ජනාධිපතිවරයා ලෙස තේරීපත්වු ජෝ බයිඩන් වෙත සුභපැතුම් පළකර තිබේ.

ඉදිරියේ දී අමෙරිකානු නව ජනාධිපතිවරයා සමග සමීපව කටයුතු කරමින් දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කර ගැනීමට බලාපොරොත්තුවන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ට්ව්ටර් පණිවුඩයේ සඳහන් වේ.

මේ අතර අග්‍රාමාත්‍ය  මහින්ද රාජපක්ෂ මහතාද අමෙරිකාවේ නව ජනාධිපතිවරයා ලෙස තේරි පත්වු ජෝ බයිඩන්ට සහ උප ජනාධිපති ධුරයට පත්වීමට නියමිත කමලා හැරිස් වෙත ට්ව්ටර් පණිවිඩයක් නිකුත් කරමින් සුභ පැතුම් එක්කර තිබේ.

Rate this item
(0 votes)