May 19, 2024

“ට්‍රම්ප් වෙනස් වෙලා - පරාජය පිළිඅරගෙන වගේ” - ජනපතිවරණයේ ප්‍රතිඵලයෙන් පසු ට්‍රම්ප් දුටු මාධ්‍යවේදීන් කියූ කතාව

November 08, 2020

ඇමෙරිකානු ජනාධිපතිවරණයේ ජයග්‍රහණය ඩිමොක්‍රටික් අපේක්ෂක ජෝ බයිඩන් විසින් දිනා ගත් බව පවසන අවස්ථාවේ වර්තමාන ජනාධිපතිවරයා මෙන්ම රිපබ්ලිකන් අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් සිට තිබුණේ ඔහුගේ සුපුරු ගෝල්ෆ් ක්‍රීඩාවේ නිරත වෙමිනි.

ප්‍රතිඵලය දැනගන්නට ලැබුණු විගස ඔහු විසින් ක්‍රීඩා කිරීම අත්හැර දමා නැවත ධවල මන්දිරය වෙත පැමිණ ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කර තිබේ.

නැවත ධවල මන්දිරය වෙත පැමිණි ට්‍රම්ප් එහි බටහිර දොරටුවෙන් ඇතුළු වී තිබේ.

එම අවස්ථාවේ එතනට රැස්ව සිටි මාධ්‍යවේදීන්ට අදහස් දැක්වීම ප්‍රතික්ෂේප කළ ජනාධිපතිවරයා විසින් සිය මහපට ඇඟිල්ල ඔසවා තමා හොඳින් බව ප්‍රකාශ කර තිබේ.

නමුත් මාධ්‍යවේදීන් පවසා සිටියේ ට්‍රම්ප් ජනාධිපතිවරයාගේ සුපුරුදු රිද්මය හෝ උද්යෝගී බව ඔහු තුළ නොතිබුණු බවයි.

ඔහු සිය හිස්වැස්ම මුහුණ ආවරණය වෙන විදිහට පළඳවාගෙන සිටි බවත්, ඔහුගේ උරහිස් හකුලවාගෙන හෙමින් ගමන් කළ බවද මාධ්‍යවේදීන් සඳහන් කර තිබුණි. 

ඔහු තුළ තවත් ''ඩොනල්ඩ් ට්‍රම්ප් දකින්නට නැහැ" යැයිද මාධ්‍යවේදීන් විදෙස් මාධ්‍යවල වාර්තා කර තිබුනේ ඔහු පරාජය පිළීඅරගෙන ඇති බවක් පෙනෙන්නට ඇති බවද සඳහන් කරමිනි.

නව ජනාධිපති ජෝ බයිඩන් ලබන වසරේ ජනවාරි මාසයේ දී සිය ධූරයේ දිවුරුම් දීමට නියමිතය.

Rate this item
(0 votes)