May 19, 2024

“බයිඩන්ව ජනපති විදිහට පිළිගන්නේ නැහැ - නියම ජයග්‍රහකයා මමයි” - ඩොනල්ඞ් ට්‍රම්ප් පරාජය පිළිනොගනී

November 08, 2020

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ප්‍රකාශයක් නිකුත් කරමින් ජෝ බිඩෙන්ගේ ජයග්‍රහණය පිළිගැනීම ප්‍රතික්ෂේප කර ඇත.

තවමත් නියම ජයග්‍රාහකයා ජනපති අසුනේ අසුන්ගෙන සිටින බවද එය සහතික කිරීම සඳහා නඩු පැවරීම ආරම්භ කරන බවටද ඔහු එම නිවේදනය හරහා ප්‍රකාශ කර තිබුණි. 

ඇසෝසියේටඩ් ප්‍රෙස් විසින් ඊයේ (07) දිනයේ දී ඩිමොක්‍රටික් අපේක්ෂක ජෝ බයිඩන් ඇමෙරිකානු ජනාධිපතිවරණයේ ජයග්‍රාහකයා ලෙස ප්‍රකාශයට පත් කරන ලදී.

ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඔහුගේ ප්‍රකාශය තුළ තවදුරටත් කියා තිබුණේ ජෝ බයිඩන් විසින් සිය මාධ්‍ය සගයන් යොදගනිමින් ඔහු ජනාධිපතිවරණ ජයග්‍රහකයා ලෙස ව්‍යාජව පෙනී සිටින බවයි. 

ට්‍රම්ප් විසින් වැඩිදුරටත් ඔහුගේ නිවේදනයෙන් ප්‍රකාශ කර සිටියේ ජෝ බයිඩන්ගේ ජයග්‍රහණය වංචනික බවත්, බයිඩන් සඳහා වූ ඡන්ද පත්‍රිකා වංචනිකව නිෂ්පාදනය කරන ලද හෝ නුසුදුසු හෝ මියගිය ඡන්දදායකයින් විසින් ඉදිරිපත් කරන ලද ඒවා බවයි.

මෙම කරුණ සම්බන්ධයෙන් ඔහුගේ නීති කණ්ඩායම සඳුදා (09) දිනයේ දී එරට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කරුණු දැක්වීමට නියමිතව ඇති බවද ට්‍රම්ප් අවධාරණය කර තිබුණී.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ ඇමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපතිවරයා කවුරුන්ද යන්න තීරණය කරන්නේ එරට නීතිය මිස මාධ්‍ය නොවන බවයි.

මේ වන විට ජෝර්ජියා ප්‍රාන්තයේ ඡන්ද නැවත ගණන් කිරීමක් සිදු කරනු ලබන අතර ඉදිරියේ දී තවත් ප්‍රාන්ත කිහිපය ඡන්ද නැවත ගණනය කිරීමක් සිදුවනු ඇති බවද වාර්තා වෙයි.

ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ සම්පුර්ණ නිවේදනය පහතින්,

Rate this item
(0 votes)