May 20, 2024

ඇමෙරිකාවේ 46 වෙනි ජනාධිපතිවරයා ලෙස ජෝ බයිඩන් තේරී පත්වෙයි

November 07, 2020

ඇමෙරිකාවේ 46 වෙනි ජනාධිපතිවරයා ලෙස ජෝ බයිඩන් තේරී පත්වෙයි.

දින 04ක් පුරාවට පැවැති දැඩි උණුසුම්කාරී මැතිවරණය ප්‍රතිඵලයකින් පසුව ඇමෙරිකා එක්සත් ජනපදයේ 46 වෙනි ජනාධිපතිවරයා ලෙස ඩිමොක්‍රටික් අපේක්ෂක ජෝ බයිඩන් ජයග්‍රහණය ලබා ගැනීමට සමත්විය.

1993 න් පසුව පළමුවරට බලයේ සිටි ජනාධිපතිවරයෙකු පරදවා වෙනත් අපේක්ෂකයෙකු ජයගත් අවස්ථාවක් ලෙසද මෙය ඇමෙරිකානු මැතිවරණ ඉතිහාසය තුළ සඳහන් වනු ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

ඇමෙරිකානු එක්සත් ජනපදය තුළ වර්ෂ 1900න් පසුව වැඩිම ඡන්ද ප්‍රතිශතයක් වාර්තා කරන ලද මැතිවරණය මෙය ලෙසද ඉතිහාසයට එක්වෙයි.

අපේක්ෂකයන් දෙදෙනාම මිලියන 70 ඉක්ම වූ ඡන්ද ප්‍රමාණයක් ලබා ගෙන ඇති අතර ජෝ බයිඩන් මිලියන 73ක ජනප්‍රිය ඡන්ද ප්‍රතිඵලයක් ලබාගෙන තිබේ.

ජෝ බයිඩන්පෙන්සිලවේනියා ප්‍රාන්තයේ ජය ලැබීමත් සමඟ ඇමෙරිකානු ජනාධිපතිවරයා වීමට අවශ්‍ය කරන ලබන ඡන්ද බල ප්‍රදේශ 270ක් ලබා ගැනීමෙන් පසුව ජෝ බයිඩන් එරට 46 වෙනි ජනාධිපතිවරයා ලෙස තේරී පත් වී ඇත. 

මේ වන විට ඔහු බල ප්‍රදේශ 284ක් ලබාගෙන තිබේ.

මෙම ජනාධිපතිවරයාව පිළිගැනීමට තමන් සුදානම් නැති බව රිපබ්ලිකන් පාර්ශවය කියා සිටියි.

උතුරු කැරොලිනාව සහ ජෝර්ජියා ප්‍රාන්තයේ ප්‍රතිඵලයන් තවමත් පැමිණීමට ඇති අතර උතුරු කැරොලිනා ප්‍රාන්තයේ පෙරමුණ ගන්නට ඩොනල්ඩ් ට්‍රම්ප් සමත්ව තිබෙන අතර ජෝර්ජියාවේ පෙරමුණ ගැනීමට ජයග්‍රාහී ජනාධිපතිධූර අපේක්ෂක ජෝ බයිඩන් සමත්ව තිබේ. 

Rate this item
(0 votes)
Last modified on Saturday, 07 November 2020 22:21