May 19, 2024

ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් කියූ “ඡන්ද වංචාව” ඇත්ත වෙයි?

November 08, 2020

රිපබ්ලිකන් පක්ෂයේ අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පැවසූ "ඡන්ද වංචාවක්" සිදු වී ඇති බව කියන කතාව සත්‍යයක් බවට පෙන්වීම සඳහා ඔහුගේ පාක්ෂිකයන් විසින් සාක්ෂි එකතු කරමින් සිටියි.

ඒ සමාජජාල මාධ්‍ය ඔස්සේ ඉතා ඉක්මණින් සංසරණය වූ කෙටි විඩීයෝ දර්ශනයකින් පසුවයි.

මෙම විඩීයෝ දර්ශනය තුළ පෙන්සිල්වේනියාවේ ඩෙලවෙයාර් ප්‍රාන්තයේ මැතිවරණ සේවකයින් හිස් ඡන්ද පත්‍රිකා පුරවන අයුරු දැක්වෙන අවස්ථාවක් සටහන් ව තිබේ.

එහිදී මෙම විඩීයෝ දර්ශනය සමාජජාල ඔස්සේ හුවමාරු කරගත් පිරිස ප්‍රකාශ කර සිටින්නේ එම සේවකයින් විසින් හොර ඡන්ද සලකුණු කරමින් සිටින බවයි.

කෙසේ වෙතත්, එහි නිලධාරීන් පවසා තිබුණේ ඔවුන් හානියට පත් ඡන්ද පිටපත් කිරීම පමණක් කළ බවයි.

ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ජෝ බයිඩන් අතර තියුණු තරඟයක් පැවැති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉදිරියෙන් සිටි පෙන්සිල්වේනියා ප්‍රාන්තයේ බලය ජෝ බයිඩන් විසින් පසුගිය 06 වැනිදා තහවුරු කර ගැනීමට සමත්විය.

ඉන්පසුව ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඔහුගේ පාක්ෂිකයන් කියා සිටියේ ජෝ බයිඩන් මෙලෙස ඉදිරියට පැමිණීමට නොහැකි බවත් එම ප්‍රාන්තයේ ඡන්ද වංචාවන් අක්‍රමිකතාවයන් සිදුව ඇති බවයි.

ඔවුන් එය ඔප්පු කිරීමට සාක්ෂියක් සඳහා මෙම සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ විඩීයෝ සටහන් රැස් කරමින් සිටින බව වාර්තා වෙයි. 

නමුත් ඊයේ (07) දිනයේ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ඩෙලවෙයාර් ප්‍රාන්තයේ මැතිවරණ නිලධාරීන් විසින් ප්‍රකාශ කර තිබුණේ මෙම විඩීයෝ දර්ශන නිවැරදි නොවන බවත් ඒවා අව්‍යාජ ඒවා යන්නයි.

ඔවුන් එම මාධ්‍ය නිවේදනයෙන් වැඩිදුරටත් ප්‍රකාශ කර තිබුණේ ඩෙලවෙයාර් ප්‍රාන්ත මැතිවරණ කාර්යාංශයේ උපදෙස් පරිදි කාර්ය මණ්ඩලය විශේෂ යන්ත්‍රයකින් හානියට පත් ඡන්ද පත්‍රිකා නැවත පිටපත් කරමින් සිටිය බවයි.

ඡන්ද වංචාව සිදු වුණා යැයි කියන අවස්ථාව දැක්වෙන වීඩියෝ දර්ශනය පහතින්,

Rate this item
(0 votes)
Last modified on Saturday, 07 November 2020 21:58