May 20, 2024

ෆ්ලෝරිඩා ප්‍රාන්තයේ ට්‍රම්ප් පාක්ෂිකයන් පැවැත් වූ රැලියකට වෙඩි ප්‍රහාරයක්

November 07, 2020

ඇමෙරිකා එක්සත් ජනපදයේ ෆ්ලෝරිඩා ප්‍රාන්තයේ වර්තමාන ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මැතිවරණ ජයග්‍රහණය පතා පැවැති රැලියකට පුද්ගලයෙකු විසින් වෙඩි තබා ඇතැයි වාර්තා වේ.

මෙහිදී සැකකරු විසින් රථයකින් ගමන් කරමින් මෙම වෙඩි තැබීම සිදු කර ඇති අතර වෙඩි තැබීම සඳහා වායූ රයිෆලයක් යොදා ගෙන ඇතැයි වාර්තා වෙයි.

මෙම වෙඩි ප්‍රහාරයන් කාන්තාවන් දෙදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති අතර සැකකරු සොයා පොලිස් පරික්ෂණ ක්‍රියාත්මක බවත් සඳහන් වෙයි. 

මෙම ප්‍රහාරය එල්ල වූ ෆ්ලෝරීඩා ප්‍රාන්තය ඩොනල්ඩ් ට්‍රම්ප් දැවැන්ත ජයක් ලැබූ ප්‍රාන්තයක් වීමද විශේෂත්වයකි.

Rate this item
(0 votes)
Last modified on Saturday, 07 November 2020 09:30