May 20, 2024

“ට්‍රම්ප් ප්‍රතිඵලය පිළිනොගතහොත් ඔහුව ඉවත් කරන විදිහ අපි දන්නවා” - බයිඩන් පාර්ශයෙන් අනතුරු ඇඟවීමක්

November 07, 2020

ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ලැබී තිබෙන ප්‍රතිඵලයන්ට එකඟ වීම දිගින් දිගටම ප්‍රතික්ෂේප කිරීමත් සමඟ ජෝ බයිඩන්ගේ ඩිමොක්‍රටික් පාර්ශවය විසින් ට්‍රම්ප් වෙත අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇතැයි විදෙස් මාධය වාර්තා කරයි.

ඔවුන් එහිදී අනතුරු අඟවමින් ප්‍රකාශ කර තිබුණේ ට්‍රම්ප් ජනාධිපතිවරයා ධවල මන්දිරයෙන් ඉවත් වීමට එකඟ නොවෙන්නේ නම් ඔවුන්ගේ නව රජය ඔහුව ඉවත් කිරීමට ඉතාමත් කැමැත්තෙන් සිටින බවයි.

ඔවුන් ඇමෙරිකානු ජනාධිපතිවරණය ප්‍රකාශ කළ දිනයේ සිටම කියා සිටියේ ඇමෙරිකානු ජනතාව විසින් ඡන්ද ප්‍රතිඵලය තීරණය කරනු ඇති බව යන්නද ඔවුන් එහිදී සිහිපත් කර තිබුණි.

මෙම ප්‍රකාශය නිකුත් කර තිබුණේ ඊයේ (06) දිනයේ දී රිපබ්ලිකන් අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ බල කඳවුරක් සහ ඇමෙරිකානු ජනාධිපතිවරණයේ තීරණාත්මක ප්‍රාන්තයක් වන පෙන්සිල්වේනියාවේ ජෝ බයිඩන් පෙරමුණ ගැනීමත් සමඟයි.

ජෝ බයිඩන් ඇමෙරිකානු ජනාධිපතිවරණයෙන් ජය ලැබුවද වර්තමාන ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් හට 2021 වසරේ ජනවාරි මාසයේ ඔහුගේ ධූර කාලය අවසන් වන දිනය දක්වාම සිය ධූරයේ රැඳී තිබීමට අවස්ථාව තිබේ.

Rate this item
(0 votes)