May 20, 2024

"ජෝ බයිඩන් අපායේ දැවිලා යනවා - නිදාගෙන සිටි දැවැන්තයා අවදි කළා" - ඇමෙරිකාව සිවිල් යුද්ධයක් අභියස?

November 07, 2020

ඇමෙරිකානු ජනාධිපතිවරණය දිනෙන් දින උණුසුම් වෙමින් ඇති අතර ඩිමොක්‍රටික් අපේක්ෂක ජෝ බයිඩන් විසින් ප්‍රතිවාදී රිපබ්ලිකන් අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ බල කඳවුරුවල බලයද තහවුරු කරගනිමින් සිටියි.

රිපබ්ලිකන් අපේක්ෂකයාගේ ආධාරකරුවන් සහ ඩිමොක්‍රටික් අපේක්ෂකයාගේ ආධාරකරුවන් ඇමෙරිකාවේ නගරවල විවිධ විරෝධතා සහ උද්ඝෝෂණයන් කරමින් සිටින අවස්ථාවක ඇමෙරිකාවේ උග්‍ර ජාතිකවාදී දක්ෂිණාංශිකයන් හෙවත් රයිට්-වින්ග් දේශපාලන කඳවුරේ පාක්ෂිකයන් විසින් ප්‍රබල සටනකට සුදානමින් සිටියි.

මෙහිදී ඊයේ (06) දිනයේ දී පැවැති විරෝධතාවක් අතරතුරු මෙම රයිට්-වින්ග් දේශපාන කඳවුරේ පාර්ශවයේ ප්‍රබලයෙකු වන ඇලෙක්ස් ජෝන්ස් විසින් කරන ලද කතාවක් තුළින් ඇමෙරිකාව නැවත 1776 දී මෙන් සිවිල් යුද්ධයකට යනු ඇති බවට බියක් පළ වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එහිදී ඇලෙක්ස් ජෝන්ස් විසින් ප්‍රකාශ කර තිබුණේ ඔවුන් මෙය කෙසේ ඉවර වේවිදැයි නොදන්න බවත්, නමුත් ඔවුන්ට සටනක් අවශ්‍ය නම් ඔවුන්ට අවශ්‍ය සටනට ලැබෙන බවත්, ඔවුන් එයින් ජය ගන්නා බවත් ප්‍රකාශ කළේය. 

එහිදී ඔහු තවත් සඳහන් කර සිටියේ ඩිමොක්‍රටික් පාර්ශවයට ජයග්‍රහණය උදුරා ගැනීමට ඉඩ ලබා නොදෙන බවයි.

වාමාංශික කඳවුරේ පිරිස විසින් බැංකු, මාධ්‍ය අනිකුත් සියලු ධනයන් උපයෝගී කරගනිමින් ඡන්දය ජය ගැනීමට උත්සාහ කරන බවටද මෙහිදී චෝදනා එල්ල විය.

වෛරය උපරිමයෙන් පෙන්වමින් ඇලෙක්ස් ජෝන්ස් ප්‍රකාශ කර සිටියේ ඩිමොක්‍රටික් පාර්ශවය විසින් නිදා සිටි දැවැන්තයෙකු අවදි කළ බවයි. ජෝ බයිඩන් අපායේ දැවී යන බවටද උද්ඝෝෂණය අමතමින් ඔහු ප්‍රකාශ කළේය.

මෙහිදී ඇමෙරිකාවේ මෙන්ම ලෝකයේ විශාලම ධනවතෙකු වන මයික්‍රොසොෆ්ට් ආයතනයේ ප්‍රධානී බිල් ගේට්ස් හටද තර්ජනයක් එල්ල කිරීමද විශේෂත්වයකි. ඇලෙක්ස් ජෝන්ස් බිල් ගේට්ස් ගැන පවසමින් කියා සිටියේ බිල් ගේට්ස් ද අපායේ ගිනි ගෙන දැවෙනු ඇති බවයි.

එමෙන්ම ඇමෙරිකානු වසංගත රෝග විද්‍යාතනයේ හිටපු ප්‍රධානී අන්තෝනි ෆවුසි හට තර්ජනය කරමින් පවසා සිටියේ ඔහුද අපායේ ගිනි ගෙන දැවෙනු ඇති බවයි. මෙම ප්‍රධානීවරයාව ජනපති ට්‍රම්ප් විසින් සේවයෙන් පහ කිරීමට මීට පෙර කටයුතු කර තිබුණි.

මීට වසර 245කට පෙර බ්‍රිතාන්‍යයේ ජෝර්ජ් රජුව පයින් ගසා ඇමෙරිකාවෙන් එලවා දැමූ ලෙසම බිල් ගේට්ස් සහ තවත් බිලියනපතියෙකු වන ජෝර්ජ් සොරොස් ද ඇමෙරිකාවෙන් පයින් ගසා එලවා දමන බවටද ඔවුන් තර්ජනය කළේය.

ඔහුගේ මෙම වෛරීය සහ මතභේදාත්මක කතාව සිවිල් යුද්ධයක් සඳහා ඇමෙරිකානුවන් උසි ගැන්වීමක් ලෙසද බොහෝ දෙනෙකු ප්‍රකාශ කර සිටියේය.

නමුත් තවත් පිරිසක් ප්‍රකාශ කර සිටියේ ඔහුගේ කතාව අවසාන ඡන්ද ප්‍රතිඵලය අපේක්ෂාවෙන් සිටින ඇමෙරිකානුවන්ගේ අවධානය දිනා ගැනීම සඳහා කරන ලද කතාවක් බවයි.

ඔවුන් මේ බව ප්‍රකාශ කර තිබුණේ ඇරිසෝනා ප්‍රාන්තයේ මාරිකෝපා නගරයේ ඇති ප්‍රාන්ත මැතිවරණ කාර්යාලය ඉදිරිපිට පැවැති උද්ඝෝෂණයකදී ය.

ඇමෙරිකානු ජනාධිපතිවරණයේ ප්‍රතිඵලය තවමත් ගණනය වෙමින් පවතින අතර මේ වන විට ඉදිරියෙන් පසුවන්නේ ඩිමොක්‍රටික් අපේක්ෂක ජෝ බයිඩන්ය. 

ඇලෙක්ස් ජෝන්ස්ගේ කතාවෙන් කොටසක් පහතින්,

Rate this item
(1 Vote)
Last modified on Saturday, 07 November 2020 08:52