May 20, 2024

ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ තවත් බල කඳවුරක පෙරමුණ ජෝ බයිඩන්ට හිමිවෙයි - පෙන්සිල්වේනියාව නිල් පාටට

November 06, 2020

ඇමෙරිකානු ජනාධිපතිවරණය ඇරඹී ප්‍රතිඵල ගණනය ආරම්භ වී දින 03ක් ගත වීමට ඇති මොහොතක ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ප්‍රධාන බල කඳවුරක් වූ සහ ඇමෙරිකානු ජනාධිපතිවරණයේ තීරණාත්මක ප්‍රාන්තයක් වූ පෙන්සිල්වේනියාවේ පෙරමුණ ගැනීමට ඩිමොක්‍රටික් අපේක්ෂක ජෝ බයිඩන් සමත් වී තිබේ.

මේ වන විට ජෝ බයිඩන් විසින් ඩොනල්ඩ් ට්‍රම්ප්ට වඩා ඡන්ද 5,500ක් ලබා ගනිමින් පෙරමුණ ගැනීමට සමත් වී තිබේ. 

මේ වන විට එම ප්‍රාන්තයේ ඡන්ද 98%ක් පමණ ගණනය කර අවසන් ය.

ඇමෙරිකානු ජනාධිපතිවරණයේ ජය ලැබීමට ඡන්ද ප්‍රදේශ තවත් 06ක් පමණක් අවශ්‍යව ඇති ජෝ බයිඩන් හට පෙන්සිල්වේනියාව ජය ගැනීමට හැකි වුවහොත් තවත් ඡන්ද බල ප්‍රදේශ 20ක් එකතු වනු ඇති අතර ඔහු ජනාධිපතිවරණයේ විශිෂ්ට ජයග්‍රහණයක් ද අත් කරගනු ඇත.

මෙම පෙරමුණ ගැනීම සිදු වුණේ රිපබ්ලිකන් අපේ්ක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් පෙන්සිල්වේනියා ප්‍රාන්තයේ ඡන්දය අත්හිටුවන ලෙස නඩුවක් ගොනුවක් කර ඇති අවස්ථාවක වීමද විශේෂත්වයකි.

Rate this item
(0 votes)
Last modified on Friday, 06 November 2020 19:45