May 20, 2024

ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට ඇමෙරිකානු මාධ්‍ය එරෙහි වෙයි - සියලු කතා කපා දමයි

November 06, 2020

ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරට මාධ්‍ය නාලිකා විශාල ප්‍රමාණයක් එරෙහි වීමට පටන් ගෙන ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.

ඒ අනුව  MSNBC, NBC News, CNBC, CBS News සහ ABC News යන නාලිකා මෙලෙස ජනපති ට්‍රම්ප්ගේ කතාවන් ද වාරණය කිරීමට කටයුතු කර තිබේ.

ජනාධිපතිවරයා දිගින් දිගටම ඇමෙරිකානු ඡන්දය තුළ වංචාවක් සිදුව ඇතැයි කීමත්, එය නැවැත්විය යුතු යැයි කීමත් හේතුවෙන් මෙලෙසෙ ඔහුගේ කතාවන් වාරණය කිරීමට එම නාලිකාවන් තීරණය කර තිබේ.

ඒ අනුව ජනාධිපතිවරයාගේ කතාවක් යන සෑම අවස්ථාවකම එහි ඡන්දය ගැන පවසන කොටස් යන අවස්ථාවලදී නාලිකාවන් එම කොටස්වලට බාධා කිරීම හෝ විකාශය නොකර සිටීමට තීරණය කර තිබේ.

ඡන්දය වංචාවක් ද නැද්ද කීම ජනාධිපතිවරයාගේ කාර්යක් නොවන බවද එම මාධ්‍ය නාලිකාවන් අවධාරණය කර ඇති අතර ඔහු විසින් දිගින් දිගටම වැරැදි සහගත ප්‍රකාශයන් ඉදිරිපත් කරමින් සිටින බවද ඔවුන් පෙන්වා දෙයි.

ජනාධිපතිවරයාගේ සම්පුර්ණ කතාවන් බොහෝ විට විකාශය වන්නේ FOX සහ CNN නාලිකා ඔස්සේ පමණක් බවද වාර්තා වෙයි.

මෙම සිදුවීමෙන් පසුව බොහෝ පිරිසක් එරට මාධ්‍ය අපක්ෂපාතීත්වයෙන් තොරව කටයුතු කරමින් සිටින බවටද චෝදනා නගමින් සිටින බවද සඳහන් වෙයි.

තවත් පිරිසක් අවධාරණය කර සිටින්නේ ජනාධිපතිවරයා විසින් බොරු හෝ මොන යම් අසත්‍ය ප්‍රචාරයන් නිකුත් කළද එය කපා හැරීම මාධ්‍යයේ වගකීම නොවන බවයි. ජනතාව විසින් සත්‍ය කුමක්දැයි අවබෝධයෙන් සිටින බවද එම පිරිස් පෙන්වා දෙයි.

Rate this item
(0 votes)
Last modified on Friday, 06 November 2020 17:20