May 20, 2024

ඇමෙරිකානු සෙනට් සභිකයා ජනාධිපතිවරණය ගැන සතියකට පෙර කී අනාවැකිය ඇත්ත වෙයි

November 05, 2020

ඇමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපතිවරණයේ උණුසුම මැද එරට බොහෝ පිරිසකගේ අවධානය දිනා ගැනීමට හිටපු සෙනට් සාමාජිකයෙකු වන බර්නි සැන්ඩර්ස් සමත්ව තිබේ.

ඒ ඔහු විසින් ජනාධිපතිවරණය සතියකට පමණ පෙර කරන ලද අනාවැකියක් සත්‍ය වීමත් සමඟයි.

හිටපු ජනාධිපති අපේක්ෂකයෙකු මෙන්ම සෙනට් සාමාජිකයෙකු වන බර්නි සැන්ඩර්ස් විසින් ප්‍රසිද්ධ රූපවාහිනී වැඩසටහන් ඉදිරිපත් කරන්නෙකු වන ජිමී ෆැලෝන්ගේ වැඩසටහනකට එක්වෙමින් මෙම අනාවැකිය පළ කර තිබුණි.

එහිදී හිටපු සෙනට් සාමාජිකයා විසින් ජනාධිපතිවරණ දිනයෙන් පසු සිදුවිය හැකියැයි කී බොහෝ දේ සත්‍ය වී තිබේ.

බර්නි සැන්ඩර්ස්ගේ පළමු අනාවැකිය වන්නේ සියලුම ඡන්දය අනිවාර්යෙන් ගණනය කළ යුතු යන්නයි. ඔහු සැක පළ කරන පරිදි යම් අර්බුදයක් ඇති වනු ඇති බවත් එම නිසා අනිවාර්යෙන්ම සියලු ඡන්දයන් ගණනය කළ යුතුයි යන්න ඔහු අවධාරණය කර සිටියේය. එය අද සත්‍ය වී තිබෙන්නේ ඇමෙරිකානු ජනතාව විසින් සියලු ඡන්ද ගණනය කළ යුතුයි යන්නත්, ට්‍රම්ප් පාර්ශවය විසින් ඡන්දය ගණනය නවතා දැමීමට කරන බලපෑමත් නිසාය.

ඔහු එහිදී තවත් සඳහන් කර සිටියේ පෙන්සිල්වේනියාව, මිෂගන් සහ විස්කොන්සිස් යන ප්‍රාන්තයන්වලින් සහ අනිකුත් ප්‍රාන්තයන්වලින් විශාල තැපැල් ඡන්ද ප්‍රමාණයක් ලැබෙනු ඇති බවත් එය මිලියන ගණනක් වනු ඇති බවය. එයද සත්‍යයක් බවට මේ වන විට පත්ව ඇත්තේ ඔහු සඳහන් කරන ලද ප්‍රාන්තයන්වල සහ අනිකුත් බොහෝ ප්‍රාන්තයන්වල තැපැල් ඡන්දය ගණනය තවමත් සිදුවන නිසාය.

හිටපු සෙනට් සභිකයා තවදුරටත් අවධාරණය කර සිටියේ ඔහු කළ අධ්‍යයනයන් සහ අනිකුත් අධ්‍යයනයන් ගත් කළ ඩිමොක්‍රටික් ඡන්ද දායකයන් බොහෝ ප්‍රමාණයක් සිය ඡන්දය තැපැල් ඡන්ද ලෙස ප්‍රකාශ කරනු ඇති බවත්, රිපබ්ලිකන් ඡන්ද දායකයන් විසින් ඡන්ද මධ්‍යස්ථානයන් වෙත ගොස් සිය ඡන්දය ප්‍රකාශ කරනු ඇති බවත්ය.

මෙම හේතුව නිසා බොහෝ විට ඡන්ද ගණනයේ දී තැපැල් ඡන්ද ගණනයට පෙර ඡන්ද මධ්‍යස්ථානවල ප්‍රකාශිත ඡන්දයන් ගණනය කරනු ඇති බවත් එම ඡන්දයන් බොහෝ විට රිපබ්ලිකන් ඡන්දයන් වනු ඇති බවටද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.  

බර්නි සැන්ඩර්ස්ගේ බොහෝ දෙනාගේ අවධානය දිනා ගත් අනාවැකිය වූයේ ඩොනල්ඩ් ට්‍රම්ප් පිළිබඳව ඔහු කරන ලද අනාවැකියයි.

සෙනට් සභිකයා ඩොනල්ඩ් ට්‍රම්ප් ගැන සඳහන් කරමින් පවසා සිටියේ ඡන්දය දින රාත්‍රීයේ දී මුලින්ම ගණනය වූ රිපබ්ලිකන් ඡන්ද ප්‍රමාණය වැඩි වීම නිසා මිෂගන්, පෙන්සිල්වේනියා, විස්කොන්සිස් වැනි ප්‍රාන්තයන්වල ට්‍රම්ප් ඉදිරියට පැමිණෙනු ඇති බවයි. ඉන් අනතුරුව ට්‍රම්ප් විසින් තමා ජයග්‍රහණය කර ඇති බවට රූපවාහිනීය හරහා සහ අනිකුත් බොහෝ මාධ්‍ය හරහා පවසනු ඇති බවයි.

නමුත් ඊළඟ දිනයේ දී තැපැල් ඡන්ද ගණනය ආරම්භ කිරීමෙන් අනතුරුව ඩිමොක්‍රටික් අපේක්ෂක ජෝ බයිඩන් විසින් ට්‍රම්ප් ජයග්‍රහණය කරා යැයි පවසන සියලු ප්‍රාන්තයන්වල ජය තමා සතු කරගනු ඇති බවටද ඔහු ප්‍රකාශ කළේය.

එම අනාවැකිය අතිශයෙන්ම සත්‍ය වූ අතර ඔහු කී ලෙසින්ම ට්‍රම්ප් විසින් තමා ජය ගත් බව ට්ටිටර් හරහා සහ රූපවාහිනිය ඔස්සේ ප්‍රකාශ කළ අතර තැපැල් ඡන්ද ගණනය ආරම්භ වීමත් සමඟ ට්‍රම්ප් සිය ආධිපත්‍ය පතුරුවාගෙන සිටි මිෂගන්, විස්කොන්සිස් ප්‍රාන්තයන් ට්‍රම්ප් හට අහිමිවී ගිය අතර පෙන්සිල්වේනියාවේ තියුණු තරඟයක් පවතී.

එමෙන්ම ට්‍රම්ප් විසින් ඊට පසුව මෙම ඡන්දය තුළ අක්‍රමිකතාවයක් සිදුව ඇතැයි කීමත්, ඔවුන් මෙම සටන අත් හරින්නේ නැති බව කීමත් මෙම අපුරු සෙනට් සභිකයා විසින් සතියකට පෙර පවසා තිබීමද සුවිශේෂත්වයකි.

තමන්ට ජනාධිපතිවරණයේ ප්‍රතිඵලය කුමක් විය හැකිද යන්න කීමට නොහැකි බවත් නමුත් ඔහු පළ කරන ලද අදහස්වල වියහැකියාව පිළිබඳව ජනතාව අවබෝධ කරගත යුතුව ඇතැයිද හිටපු සෙනට් සභික බර්නි සැන්ඩර්ස් මෙහිදී පවසා සිටියේය.

ඔහුගේ මෙම සතියකට පමණ පෙර පැවැති සාකච්ඡාව මේ වන විට ඇමෙරිකානුවන් අතර වඩාත් වේගයෙන් සංසරණය වීමට පටන් ගෙන ඇති අතර බොහෝ දෙනා සමාජ මාධ්‍ය ඔස්සේ බර්නි සැන්ඩර්ස්ව අනාවැකිකරුවෙකු ලෙසත්, තවත් පිරිසක් ඔහු කාලය හරහා පැමිණි අයෙකු බවත්, ඔහු මානසික බලයක් ඇත්තෙකු යැයි කීමටද පටන් ගෙන තිබේ.

හිටපු සෙනට් සභික බර්නි සැන්ඩර්ස් මෙම වැඩසටහන සහභාගී වී තිබුණේ පසුගිය ඔක්තොම්බර් මාසයේ 23 වෙනිදාය.

එම සම්පුර්ණ වැඩසටහන පහතින්,

Rate this item
(4 votes)
Last modified on Thursday, 05 November 2020 20:56