May 20, 2024

“මේ හොඳටම ඇති - අපි දිනා අවසන්” - ජෝ බයිඩන් තම ජයග්‍රහණය ස්ථීර කරයි

November 05, 2020

ඇමෙරිකානු එක්සත් ජනපදයේ 46 වෙනි ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීම සඳහා පසුගිය 03 වැනිදා ආරම්භ වූ ජනාධිපතිවරණයේ දැඩි උණුසුම්කාරී තත්ත්වයකින් පසුව පෙරමුණ ගැනීමට ඩිමොක්‍රටික් අපේක්ෂක ජෝ බයිඩන් සමත් වී තිබේ.

ඒ අනුව බයිඩන් පවසා ඇත්තේ තමන් උපරිම ප්‍රාන්ත ප්‍රමාණයක් ජයග්‍රහණය කර ඇති බවයි, එය ජයග්‍රහණය සඳහා ප්‍රමාණවත් බවද ඔහු පවසා තිබේ.

ජයග්‍රහණය හොඳින්ම පැහැදිළිව පෙනෙන බවටද ඔහු සඳහන් කළේය.

ඉදිරි තැපැල් ඡන්ද ප්‍රතිඵල ගණනයෙන් පසුව තමන්ගේ ජයග්‍රහණය සඳහා අවශ්‍ය ඡන්ද බල ප්‍රදේශ 270ව සපුරා ගැනීමට හැකිවනු ඇතැයිද බයිඩන් විසින් සඳහන් කර තිබුණි.

බයිඩන් ඇමෙරිකානුවන් අමතමින් පවසා තිබුණේ කිසිවෙකුටත් ඇමෙරිකාවේ ප්‍රජාතන්ත්‍රවාදය නැවත නැති කිරීමට ඉඩ ලබා නොදෙන බවයි. 

ජෝ බයිඩන් මේ ප්‍රකාශයන් සිදු කළත් එරට කිසිදු මාධ්‍යයකින් හෝ ඡන්ද මධ්‍යස්ථානයකින් ජයග්‍රාහී අපේක්ෂකයා කවුරුන්ද යන්න පිළිබඳව සඳහන් කර නොමැති අතර ප්‍රතිවාදී රිපබ්ලිකන් අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඔහුට වාසිදායක ව තිබූ පසුව බයිඩන් විසින් ජයග්‍රහණය කරන ලද ප්‍රාන්තය හී ප්‍රතිඵල අභියෝගයට ලක් කරමින් නඩු මාර්ගයටද පිවිසීමට කටයුතු කරමින් තිබේ.

Rate this item
(0 votes)