May 20, 2024

ජෝ බයිඩන්ගේ උප ජනපති අපේක්ෂිකා කමලා හැරිස්ට ජය පතා ඉන්දීයාවේ පූජා පවත්වයි

November 04, 2020

ඇමෙරිකානු ජනාධිපතිවරණයේ ඩිමොක්‍රටික් අපේක්ෂක ජෝ බයිඩන්ගේ උප ජනාධිපති අපේක්ෂිකාව වන කමලා හැරිස්ට ජය පතමින් ඉන්දියාවේ දී පූජාවක් පවත්වා ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඇයගේ මුතුන් මිත්තන් ජීවත් වන තුලසේන්ද්‍රපුරම් ප්‍රදේශයේ කෝවිලක දී ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම ආරම්භ වීමට පෙර ඇයගේ මුත්තනුවන් විසින් තවත් පිරිසක් රැස් කර මෙම දේව පූජාවක් පවත්වා ඇති බව සඳහන්.

මෙම පූජාවට ප්‍රාදේශීය දේශපාලනඥයෙකුද පැමිණ තිබෙන අතර දෙවියන් කිරිවලින් නහවා දේවියන්ට නමස්කාර කරමින් පූජාව සිදු කොට තිබේ.

කමලා හැරිස් 1964 දී ඇමෙරිකාවේ කැල්ෆෝනියා ප්‍රාන්තයේ ඕක්ලෑන්ඩ්වලදී උපත ලබන අතර ඇයගේ මව ඉන්දීයානු ජාතික ශ්‍යමාලා ගෝපලන් වන අතර ඇය වෛද්‍ය විද්‍යා ආචාර්යවරයකි. 

කමලා හැරිස්ගේ පියා ආර්ථික විද්‍යාව පිළිබඳව මහාචාර්යවරයෙකු වන ඩොනල්ඩ් ජේ.හැරීස් ය.

2017 වසරේ කනිෂ්ට සෙනට් සාමාජිකයෙකු ලෙස සිය දේශපාලනය ආරම්භ කරන කමලා හැරිස් අද වන විට ඇමෙරිකානු දේශපාලනය තුළ ප්‍රබල පසුබිමක් උසුලමින් සිටියි. 

Rate this item
(0 votes)
Last modified on Wednesday, 04 November 2020 17:06