May 20, 2024

“මමයි ජයග්‍රහකයා” - යැයි කී ඇමෙරිකානු ජනපති අපේක්ෂකයන් දෙදෙනාට සමාජජාලයන්වලින් වාරණයන් දමයි

November 04, 2020

මීට පෙර ඇමෙරිකානු ඩිමොක්‍රටික් අපේක්ෂක ජෝ බයිඩන් විසින් ජාතිය අමතමින් කළ තමන් ජයග්‍රහණය කර ඇතැයි යන ප්‍රකාශය ෆේස්බුක් සමාජජාලය වාරණය කර ඇතැයි වාර්තා වෙයි.

එම වාරණය කිරීමට හේතුව වී තිබුණේ ජනාධිපතිවරණයේ නිල ඡන්ද ගණන තවමත් ක්‍රියාත්මක වීම බවත්, තවමත් ජයග්‍රහකයා කවුරුන්ද යන්න පැවසීය නොහැකි බවත් එම ආයතනය පෙන්වා දෙයි.

මීට අමතරව රිපබ්ලිකන් අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ද නිකුත් කරන ලද ට්විටර් පණිවිඩයක් ට්විටර් සමාජජාල විසින් වාරණය කර තිබේ. ඒ මම ප්‍රකාශය ජනතාව නොමඟ යවන සුලු ප්‍රකාශයක් බවට ප්‍රකාශ කරමිනි.

ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් එහිදී ප්‍රකාශ කර තිබුණේ තමන් විශාල ජයග්‍රහණයක් ලබා ඇති බවත්, පිරිසක් විසින් එය තමන්ගෙන් හොරා ගැනීමට උත්සාහ කරන බවත් ඔවුන්ට එය කිරීමට තමන් ඉඩ ලබා නොදෙන බවත් ජනාධිපතිවරයා විසින් ප්‍රකාශ කර තිබුණි.

ට්ටිටර් සමාජජාලය විසින් පෙන්වා දෙන්නේ ක්‍රියාවලියක තිබෙන දෙයක් පිළිබඳව මෙවැනි ප්‍රකාශ නිකුත් කිරීම හරහා ජනතාව නොමඟ යනු ඇති බවයි.

එම වාරණයට ලක් කරන ලද ප්‍රකාශයන් පහතින්,

Rate this item
(0 votes)
Last modified on Wednesday, 04 November 2020 17:11