May 20, 2024

ට්‍රම්ප් සහ බයිඩන් අතර තියුණු තරඟයක් - ප්‍රධාන තුරුම්පුවල ප්‍රතිඵල තවමත් සැකසෙයි

November 04, 2020

ඇමෙරිකානු ජනාධිපතිවරණය මෙවර ඉතාමත් උණුසුම් මුහුණුවරක් ගෙන තිබේ.

ඩිමොක්‍රටික් අපේක්ෂක ජෝ බයිඩන් සහ රිපබ්ලිකන් අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් අතර උණුසුම් තරඟයක් ඇතිවෙමින් තිබෙන බව දැන් නිකුත් වන ප්‍රතිඵල අනුව දැක ගත හැකිය.

ඇමෙරිකාවේ පාවෙන ප්‍රාන්ත හෙවත් ජනාධිපතිවරණයේ ප්‍රතිඵලයට දැඩිම බලපෑමක් කළ හැකි ප්‍රාන්ත කිහිපයක මේ වන විටත් ප්‍රතිඵල නිකුත් වී ඇති අතර තීරණාත්මක ප්‍රාන්ත දෙකක් වන පෙන්සිල්වේනියාව, විස්කොන්, මිෂගන්, නවාඩා,
ජොර්ජියා, ඇරිසෝනා සහ උතුරු කැරොලීන් යන ප්‍රාන්තයන් හී තවමත් ප්‍රතිඵල සැකසෙමින් තිබේ.

මේ වන විට ලැබෙන ප්‍රතිඵල අනුව ජෝ බයිඩන් ඉදිරියෙන් සිටින අතර ඇරිසෝනා සහ නවාඩා ප්‍රාන්තවල පෙරමුණ ගෙනද සිටියි.

ඩොනල්ඩ් ට්‍රම්ප් මේ වන විට පෙන්සිල්වේනියාව, විස්කෝන්, මිෂගන්, ජෝර්ජියා සහ උතුරු කැරොලීන්වල පෙරමුණ ගැනීමට සමත්ව තිබේ.

මෙම තීරණාත්මක ප්‍රතිඵලයන් අනුව ඉදිරියේ දී ඡන්ද ප්‍රතිඵලයන් බොහෝ සෙයින් වෙනස් වීමට ඉඩ ඇති බවද විදෙස් දේශපාලන විචාරකයන් පෙන්වා දෙයි. 

මෙහිදි ප්‍රාන්ත 50ක් පුරාවට විහිදී ඇති මැතිවරණ බලප්‍රදේශ 538න් ප්‍රදේශ 270ට වඩා ලබා ගන්නා පුද්ගලයා හට පාලන බලය හිමිවනු ඇත.

Rate this item
(0 votes)