May 20, 2024

ඇමෙරිකානු ජනාධිපතිවරණයේ ට්‍රම්ප් අභිබවා බයිඩන් ඉදිරියෙන්

November 02, 2020

ලෝකයේ බොහෝ දෙනෙකු දැඩි අවධානයෙන් බලා සිටින ලෝක බලවතා ඇමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපතිවරයා තෝරා ගැනීම හෙට (03) දිනයට යෙදී තිබේ.

එවැනි මොහොතක එරට ජනප්‍රියම අපේක්ෂකයා තෝරා ගැනීමට කරනු ලබන සමීක්ෂණයේ පෙරමුණ ගැනීමට ඩිමොක්‍රටික් අපේක්ෂක ජෝ බයිඩන් සමත් ව තිබේ. ඒ වර්තමාන ජනාධිපති රිපබ්ලිකන් අපේ්ක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප්ව පසු පසුපසට ඇද දමමිනි.

එහිදී එම සමීක්ෂණයේ ප්‍රතිඵලය අනුව ජෝ බයිඩන් 52%ක ජනප්‍රිය ප්‍රතිශතයක් ලබා තිබෙන අතර ඩොනල්ඩ් ට්‍රම්ප් දිනාගෙන ඇත්තේ 44%ක ප්‍රතිශතයක් පමණයි.

නමුත් මෙම සමීක්ෂණය එරට මැතිවරණ ප්‍රතිඵලයට වඩා විශාල වශයෙන් වෙනස් වනු ඇති බවට බොහෝ දෙනෙක් පවසයි.

2016 වසරේ දී හිලරි ක්ලින්ටන්ද මෙම සමීක්ෂණයේ පෙරමුණ ගෙන සිටියත් අවසානයේ මැතිවරණයේ ජය ගැනීමට ඩොනල්ඩ් ට්‍රම්ප්ට හැකි විය.

නමුත් ජෝ බිඩෙන් වසර ආරම්භයේ සිට බොහෝ ජාතික ඡන්ද විමසීම් වලදී ඩොනල්ඩ් ට්‍රම්ප්ට වඩා ඉදිරියෙන් සිටි බවටද වාර්තා වෙයි.

මෙවර සමීක්ෂණයේ ප්‍රතිඵල සටහන පහතින්,

Rate this item
(0 votes)
Last modified on Monday, 02 November 2020 22:03