May 20, 2024

තීරණාත්මක ජනාධිපතිවරණයෙන් පසු මහජන ගැටුම්වලට සුදානම් වන ඇමෙරිකාව

November 02, 2020

මුළු ලෝකයම අවධානයෙන් බලා සිටින තීරණාත්මක ජනාධිපතිවරණය වන ඇමෙරිකානු ජනාධිපතිවරණය හෙට (03) දිනයේ පැවැත්වීමට නියමිතව තිබේ.

ජනාධිපතිවරණයේ ප්‍රතිඵල නිකුත් වීමත් සමඟ එරට විශාල කැරලි කෝලහාල ඇතිවනු ඇතිබවට ඇති බියක් මේ වනවිට ඇතිව තිබේ.

ඒ සඳහා මේ වන විට එරට කඩු සාප්පු සුපිරි වෙළෙඳ සංකීර්ණයන් පවා තමන්ගේ වෙළෙඳසැල් අවට ආරක්ෂාව තර කරමින් ඇති අතර උද්ඝෝෂකයන්ගේ ප්‍රහාරවලට ලක්විය හැකි වීදුරු ජනේලයන් ලෑලී ගසා ආවරණය කිරීමටද කටයුතු කර තිබේ.

ඇමෙරිකානු ධවල මන්දිරය අවටද විශේෂ ආරක්ෂාවක් සලසා ඇති අතර ධවල මන්දිරය වටා ඇති වැට විශේෂිතව නිර්මාණය කිරීමටද කටයුතු කර ඇතැයි විදෙස් මාධය වාර්තා කරයි.

ජාතික ආරක්ෂක හමුදාව ඕනෑම අවස්ථාවක බලාත්මක කිරීමටද මේ වන විටත් අවශ්‍ය කටයුතු යොදා ඇති බවද සඳහන්.

Rate this item
(0 votes)
Last modified on Monday, 02 November 2020 18:52