May 09, 2024

සුප්‍රසිද්ධ කෞතුකාගාරය ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පිළිරුව කුණු කූඩයට දමයි

November 01, 2020

සුප්‍රසිද්ධ ඉටි පිළිරූ කෞතුකාගාරය වන මැඩම් ටුසෝඩ්ස් කෞතුකාගාරයේ ජර්මානු ශාඛාවේ තිබූ ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ඉටි පිළිරුව කුණු කූඩයට දැමීමට එම ආයතනයේ බලධාරීන් කටයුතු කර තිබේ.

එළැඹෙන නොවැම්බර් 03 වැනිදා පැවැත්වීමට නියමිත ඇති ඇමෙරිකානු ජනාධිපතිවරණයේ දී  රිපබ්ලිකන් පක්ෂයේ අපේක්ෂකයා සහ වර්තමාන ජනාධිපතිවරයාව ඩිමොක්‍රටික් ප්‍රතිවාදියා වන ජෝ බිඩන් විසින් පරාජයට පත් කරනු ඇති බවට මෙමඟින් ඉඟි පළ කිරීම උදෙසා මෙය සිදු කර ඇතැයිද වාර්තා වේ.

කෞතුකාගාරයේ වෙළෙඳ කලමණාකාරවරයා විසින් පවසා ඇත්තේ මෙය සංකේතාත්මකව සූදානම් කිරීමේ පියවරක් ලෙස සිදු කරන ලද දෙයක් බවයි.

මෙම සුප්‍රසිද්ධ ඉටි කෞතුකාගාරය විසින් මීට පෙර ඇමෙරිකාවේ තේරී පත් වූ ජනාධිපතිවරුන්ගේ ඉටි පිළිරූ මීට පෙර මෙලෙස විසි කර දැමීමක් හෝ ඉවත් කර දැමීමක් සිදු නොකර ඇති අතර ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පිළිරුවක් පමණක් මෙලෙස කුණු කූඩයට දමා තිබේ.

මෙය ට්විටර් සමාජජාලය හරහා ප්‍රසිද්ධ වීමත් සමඟ බොහෝ දෙනා පවසා තිබුණේ ඩොනල්ඩ් ට්‍රම්ප් අවසානයේ ඔහුට අයත් තැන ලැබුණු බවයි. තවත් පිරිසක් ජනාධිපතිවරණයෙන් පසු ට්‍රම්ප් පවුලට හිමි වන තැන මෙය බවද පවසා තිබේ.

නමුත් දේශපාලන විචාරකයන් පෙන්වා දෙන්නේ මෙම සිදුවීමට පාදකව ඇත්තේ ට්‍රම්ප් විසින් දිගින් දිගටම නෙටෝ සංවිධානයට මුදල් නොගෙවීම නිසා ජර්මානුවන් ට්‍රම්ප් සමඟ ඇති විරසකයට කරන ලද දෙයක් බවයි.

Rate this item
(0 votes)
Last modified on Sunday, 01 November 2020 21:06