May 02, 2024

පුෂ්පිකාගෙන් චන්දිමාල්ට එරෙහිව අපරාධ නඩුවක්: විස්තරය පොලීසියේදී එලියට Featured

February 23, 2022

චන්දිමාල් ජයසිංහ මහතාට විරුද්ධව අපරාධ නඩුවක් ගොනු කිරීමට පුෂ්පිකා ද සිල්වා මහත්මිය කටයුතු කරන බව අද (23) අනාවරණය වුණා.

එම අනාවරණය කළේ පුෂ්පිකා ද සිල්වා මහත්මිය නියෝජනය කරමින් පිලියන්දල පොලිසියට පැමිණි නීතිඥ සජිත් පතිරත්න මහතායි.

නීතිඥයාගේ හෙලිදරව්ව

පතිරත්න මහතා පිලියන්දල පොලිසිය වෙත පැමිණියේ චමුදිත සමරවික්‍රම මහතා මහතාගේ නිවසට ප්‍රහාරයක් එල්ල කිරීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා අද (23) එම පොලීසියට කැඳවා තිබූ පුෂ්පිකා ද සිල්වා මහත්මියට අද (23) පැමිණීමට නොහැකි බව දැනුම් දීමටයි.

ඊට හේතුව ලෙස ඔහු පෙන්වා දී තිබෙන්නේ අද (23) පුෂ්පිකා ද සිල්වා මහත්මිය නීතිඥවරයෙක් සමග විශේෂ හමුවක් පැවැත්වීමට නියමිතව තිබීමයි.

එසේ නීතිඥයෙකු සමග විශේෂ හමුවක් පවත්වන්නේ චන්දිමාල් ජයසිංහ මහතාට එරෙහිව නඩු පැවරීමට බවද එහිදී පතිරත්න මහතා පිළියන්දල පොලිස් ස්ථානාධිපතිවරයා හමුවේ ප්‍රකාශ කොට තිබෙනවා.

එකිනෙකාට චෝදනා කර ගැනීම

ඒ අනුව එළඹෙන 28 වැනි දින අදාළ ප්‍රකාශය ලබා දීම සඳහා පිළියන්දල පොලීසිය හමුවේ පුෂ්පිකා ද සිල්වා මහත්මියට පෙනී සිටින ලෙස දන්වා තිබෙනවා.

ඇමරිකාවේ ලාස් වේගාස්හි පැවති විවාහක ලෝක රූ රැජින තරඟයේදී ඇති වූ සිද්ධීන් සම්බන්ධයෙන් පුෂ්පිකා ද සිල්වා හා චන්දිමාල් ජයසිංහ යන මහත්වරු එකිනෙකාට මාධ්‍ය ඔස්සේ චෝදනා කර ගත්තා.

එහි ප්‍රතිඵලයක් ලෙස ලෝක විවාහක රූ රැජින සංවිධානයේ ශ්‍රී ලංකා නියෝජිතයා වන චන්දිමාල් ජයසිංහ මහතා පුෂ්පිකා ද සිල්වා මහත්මිය දැරූ ශ්‍රී ලංකා විවාහක රූ රැජින කිරුළ ඉවත් කිරිමටයි පියවර ගත්තේ.

Rate this item
(1 Vote)
Last modified on Wednesday, 23 February 2022 17:12

Related items