May 06, 2024

විවාහක රූ රැජිණ කිරුළ ගැන යුරේනි කතා කරයි!

February 09, 2022

පසුගිය කාල වකවානුව පුරාවටම සමාජ මාධ්‍යයේ වගේම සමාජයේ දැඩි කතා බහක් ඇති වූ මාතෘකාවක් තිබුණා.

ඒ තමයි විවාහක රූ රැජිණ කිරුළ.

මේ කිරුළ මුලින්ම ලැබුනේ පුෂ්පිකා ද සිල්වා ට.

නමුත් විවාහක රූ රැජින කැරලයින් ජූරි සහ චූලා පුෂ්පිකා ගෙන් එම කිරුළ ප්‍රසිද්ධියේ ගලවා දෙවැනි ස්ථානයට පත් වූ තරුණියට පිරිනැමුවා.

පසුව චන්දිමාල් ජයසිංහ විසින් නැවතත් ඇයට එම කිරුළ ලබා දීමට කටයුතු කළා.

ඒ එදා ඇවිලුනු ගින්න තවම ඇවිලෙනවා.

අපි එහෙම කියන්නේ මෙන්න මේ නිසයි.

ජාත්‍යන්තර විවාහක රූ රැජිණ නියෝජනය කරන්න පුෂ්පිකා ගියා.

එහිදී ඇයට ජයග්‍රහණයක් හිමි නොවීම ගැන ඇය නොයෙකුත් කතා සමාජ මාධ්‍ය ඔස්සේ කියන්න ගත්තා.

විටෙක ඇය කිව්වා රෝසි සේනානායක ගිය නිසා ඇයගේ කිරුළ අහිමි වුණා කියලා කිව්වා.

ඒ වගේම කිව්වා චන්දිමාල් ජයසිංහ ඇතුළු පිරිසක් කුමන්ත්‍රණයක් කලා කියලා.

ඒ කොහොම වුණත් මේ වෙනකොට චන්දිමාල් පුෂ්පිකාට ලැබුණු ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ නාමය අවලංගු කිරීමට කටයුතු කලා.

එවැනි කතාබහක් ඇති වී ඇති පසුබිමක ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් වගේම කලාකරුවන් ඒ පිළිබඳව අදහස් දක්වා තිබුණා.

මේ අතර අපේ රටේ ඉන්න දක්ෂ නිරූපණ ශිල්පිනියක් වගේ රංගන ශිල්පිනියක් වන යුරේනි නොෂිකා සිය මුහුණුපොතේ සටහනක් තබා තිබෙනවා.

එම සටහන පහතින්,

මම කිසිම කෙනෙක්ට වරදක් පටවනවා නෙවෙයි.නමුත් මේ දේ කිව යුතුයි කියලා හැඟුණා. මුලු මිලියන 21 ක ජනතාව අතරින් ඔබට මිනිසුන්ගේ ආකර්ශනය ,අවධානය ලබන්න, නම කියු සැණින් මිනිසුන් ඔබව හඳුනනවනම් ඔබ ගොඩාක් වාසනාවන්ත විය යුතුයි. එ පිළි ගැනීම නිසාවෙන් මේ රට,තමන්ගේ ජාතිය නියෝජනය කර ජාත්යන්තරයට යන්න ලැබෙනවා කියන්නේත්, තම මව් රට වෙනුවෙන් ජාත්යන්තරයට යවන්න සුදුසු කෙනෙක් පත් කරන්න ඔබට අවස්ථාව තිබෙනවා කියන්නේත් ඔයාලා සියලු දෙනා ඉතාමත් වාසනාවන්ත පිංවන්ත විය යුතුයි. එසේ දෙවියන් විසින් හෝ සොබාදහම විසින් දීලා තියෙන ආශීර්වාද වගකීමෙන් සහ තමන්ගේ මව් රටට උපරිම කීර්තියක් ගෙන දෙන ලෙස පාවිච්චි කරන එක අපි සියලු දෙනාගේ වගකීමයි. තමන්ගේ පුද්ගලික ක්රියාවන් ,හැසිරීම් ජාත්යන්තරයක් ඉදිරියේ පිලිබිඹු වන්නේ සමස්ත ශ්රී ලාංකිකයන්ගේ ක්රියාවක් ලෙසයි. ඒක නිසා අපි සියලු දෙනා මීට වඩා වගකීමෙන් කටයුතු කරමු.”

Rate this item
(1 Vote)
Last modified on Wednesday, 09 February 2022 17:57