April 20, 2024

සෑම නිර්භීත කාන්තාවකගේම හදවතේ සිංහයෙක් නිදා සිටියි – පුෂ්පිකාගෙන් අමුතු සටහනක්

පුෂ්පිකා ද සිල්වා කියන්නේ පසුගිය කාල සීමාව සමාජ මාධ්‍ය තුල වැඩිපුර කතා බහට ලක්වුණ චරිතයක්.

ලාස් වේගාස් වල තිබුණු ලෝක විවාහක රූ රැජින තරගාවලියේදී ඇය ගැන ඇතිවුණු කතා බහ ලංකාවේම අවධානය දිනාගන්නට සමත් වුණා.

පුංචි පුතෙක් ඉන්න පුෂ්පිකා සමාජ මාධ්‍යවල විවිධ පුවත් මවන්නට සමත් වුණා.

තමාට හිමිවූ ස්ථානය ගැන ඇය බොරු කියු බවත් එහිදී ඇයට විවිධ පුද්ගලයින් කුමන්ත්‍රණය කල බවත් ඇය සදහන් කලා.

ඒ වෙනුවෙන් ඇය පිලිබදව ලංකාවේ විවිධ පුද්ගලයන්ගේ විවේචනයන්ට හසුවන්නට ඇයට සිදු වුණා.

රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ මහතාට සහ රෝසි සේනානායක මහත්මියගේ කුමන්ත්‍රණයක් නිසා ඇය මේ තත්වයේ ඉන්න බවයි ඇය පැවසුවේ.

දැන් දැන් ඇය කරළියට ඇවිත් තියෙනවා.

ඉතින් හැමෝගේම විවේචනයට ලක්වුණ පුෂ්පිකා පසුගිය දිනක ඇගේ මුහුණු පොතට සටහනක් සමගින් ඡායාරූපයක් එක් කර තිබුණා.

එය හැමෝගේම අවධානය දිනා ගන්නට සමත් වුණා.

‘A lion sleeps in the heart of every brave women’

‘සෑම නිර්භීත කාන්තාවකගේම හදවතේ සිංහයෙක් නිදාසිටියි’

Rate this item
(0 votes)
Last modified on Saturday, 26 March 2022 16:02