May 02, 2024

පුෂ්පිකාගෙන් පොලීසිය පැය දෙකහමාරක් ප්‍රශ්න කරයි! Featured

ශ්‍රී ලංකා විවාහක රූ රැජින පුෂ්පිකා ද සිල්වා මහත්මිය ඊයේ(28) පිළියන්දල පොලීසියට කැඳවා තිබෙනවා.

එහිදී ඇයගෙන් පැය දෙක හමාරකට ආසන්න කාලයක් ප්‍රශ්නකර ප්‍රකාශ සටහන් කරගත් බවයි පිලියන්දල පොලිසියේ ස්ථානාධිපතිවරයා පැවසූවේ.

ඒ මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතාගේ නිවසට ගල් සහ අසූචි ප්‍රහාරය එල්ල කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන්.

මේ වන විට ඇය ඇතුළු පුද්ගලයන් 37දෙනෙකුගෙන් ප්‍රකාශ ලබා ගෙන ඇතැයි පොලිසිය සඳහන් කළා.

චමුදිගේ නිවසට ප්‍රහාර එල්ල වීමට මාස කීපයකට ඉහත දී යූ ටියුබ් චැනලයක් හරහා පුෂ්පිකා ද සිල්වා මහත්මිය චමුදිත සමරවික්‍රම මහතා සමඟ කළ සම්මුඛ සාකච්ඡාවක අන්තර්ගත වූ කරුණු සම්බන්ධයෙන්ද ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කරගත් බවයි පොලීසිය ප්‍රකාශ කළේ.

පුෂ්පිකා ද සිල්වා මහත්මිය ඇයගේ නීතිඥ සරිත් පතිරත්න මහතා සමඟ පිළියන්දල පොලිසියට පැමිණ තිබුණා.

Rate this item
(1 Vote)

Related items