May 02, 2024

කැරොලයින් කරපු දේ හරි - Libby Crawford පුෂ්පිකා ගැන ලෝකෙටම කියයි

February 12, 2022

පසුගිය කාල වකවානුව පුරාවටම සමාජ මාධ්‍යයේ වගේම සමාජයේ දැඩි කතා බහක් ඇති වූ මාතෘකාවක් තිබුණා.

ඒ තමයි විවාහක රූ රැජිණ කිරුළ. මේ කිරුළ මුලින්ම ලැබුනේ පුෂ්පිකා ද සිල්වාට.

නමුත් විවාහක රූ රැජින කැරලයින් ජූරි සහ චූලා පුෂ්පිකා ගෙන් එම කිරුළ ප්‍රසිද්ධියේ ගලවා දෙවැනි ස්ථානයට පත් වූ තරුණියට පිරිනැමුවා.

පසුව චන්දිමාල් ජයසිංහ විසින් නැවතත් ඇයට එම කිරුළ ලබා දීමට කටයුතු කළා.

ඒ එදා ඇවිලුනු ගින්න තවම ඇවිලෙනවා.

අපි එහෙම කියන්නේ මෙන්න මේ නිසයි.

ජාත්‍යන්තර විවාහක රූ රැජිණ නියෝජනය කරන්න පුෂ්පිකා ගියා.

එහිදී ඇයට ජයග්‍රහණයක් හිමි නොවීම ගැන ඇය නොයෙකුත් කතා සමාජ මාධ්‍ය ඔස්සේ කියන්න ගත්තා.

විටෙක ඇය කිව්වා රෝසි සේනානායක ගිය නිසා ඇයගේ කිරුළ අහිමි වුණා කියලා කිව්වා. ඒ වගේම කිව්වා චන්දිමාල් ජයසිංහ ඇතුළු පිරිසක් කුමන්ත්‍රණයක් කලා කියලා.

ඒ කොහොම වුණත් මේ වෙනකොට චන්දිමාල් පුෂ්පිකාට ලැබුණු ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ නාමය අවලංගු කිරීමට කටයුතු කලා.

ලෝක විවාහක රූ රැජිණ තරග සංවිධානයේ හිටපු විධායක නිලධාරිනියක වන ලිබ්බි ක්‍රව්ෆෝර්ඩ් (Libby Crawford)ද මේ සිද්ධිය සම්බන්ධයෙන් සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා තිබෙනවා.

පුෂ්පිකා ද සිල්වා ඇයගේ විවාහය ඇතුළු අංශ රැසකදී ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර ඇති බැවින් ඇය කිසිවිටෙකත් මෙම ජයග්‍රහණය සඳහා සුදුසුකම් නොලබන බව ඇය සඳහන් කරනවා.

එමෙන්ම හිටපු ලෝක විවාහක රූ රැජිණක ලෙස කැරොලයින් ජුරි පුෂ්පිකාගේ කිරුළ ඉවත් කිරීමට පියවර ගැනීම නිවැරදි බවත් මෙම ක්‍රියාකලාපයන් හරහා එය තහවුරු වන බවත් ඇයගේ මෙම සටහනේ ඇතුලත් වෙනවා.

පසුගිය අප්‍රේල් මාසයේදී පැවැති ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ තරගාවලියේදී අනු ශුරතාවය දිනාගත් ආශ්‍යා බස්නායකට හිමි විය යුතුව තිබූ ලෝක විවාහකක රූ රැජින තරගාවලියට එක් වීම සඳහා තිබූ අවස්ථාව පුෂ්පිකා ද සිල්වා විසින් බලහත්කාරයෙන් පැහැරගෙන ඇති බව ලිබ්බි ක්‍රව්ෆෝර්ඩ් ඇයගේ එම සටහනේ වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

Rate this item
(2 votes)
Last modified on Saturday, 12 February 2022 00:26