May 02, 2024

"පිස්සෝ කලබල වුණාට දොස්තර කලබල වෙන්නේ නෑ - අර්බුද මැවූ පුෂ්පිකා කට අරී!

February 11, 2022

2020 වසරේ ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ තරගාවලියේ ජයග්‍රාහිකාව ප්‍රකාශයට පත් කල මොහොත එලෙස අවසන් වූ ආකාරය එදා අපේ රටේ පමණක් නොව මුළු මහත් ජාත්‍යන්තරයේම දැඩි අවධානයකට ලක් වුණා.

ඒ මෙරට රූ රැජිණ තරගාවලි ඉතිහාසයට නොමැකෙන කළු පැල්ලමක් එක් කිරීම නිසාවෙන්.

එදා විනිසුරුවරුන්ගේ තීරණය මත පුෂ්පිකා ද සිල්වා කිරුළ පැලදුවද එම තීරණය අභියෝගයට ලක් කරමින් ඒ වන විට හිටපු විවාහක රූ රැජිණ කැරොලයින් ජූරි පැහැදිලිවම කියා සිටියේ පුෂ්පිකා මේ කිරුළ දැරීමට නුසුදුසු බවයි.

එමෙන්ම මෙවැනි තරගාවලියක් සංවිධානය කිරීමේදී අදාළ නීති රීති පිළිබඳව තරගකරුවන් දැනුවත් කරමින් නිසි සොයා බැලීමක් සිදු කර සැබෑ සුදුස්සන් තෝරා ගැනීමට පියවර ගත්තේ නම් මෙවැනි අර්බුදයක් උද්ගත නොවන බවද මෙම සිද්ධිය සම්බන්ධයෙන් අදහස් පළ කළ ඇතැම් පාර්ශව තරගාවලියේ සංවිධායකයින්ට සෘජුවම ඇගිල්ල දික් කරමින් එදා චෝදනා කලා.

කෙසේවෙතත් මේ සිදුවීමෙන් අනතුරුව මෙරට විවාහක රූ රැජිණ තරගාවලියේ සංවිධායකයින් පියවර ගෙන තිබුණේ පුෂ්පිකා ද සිල්වා වෙත නැවතත් එම කිරුළ ලබා දීමටයි.

අනතුරුව පසුගියදා පැවැති ලෝක විවාහක රූ රැජිණ තරගාවලියටද ශ්‍ර්‍රී ලංකාව නියෝජනය කිරීමේ අවස්ථාව පුෂ්පිකාට හිමි වුණා.

එහිදී ජයග්‍රහණය කිරීමට ඇයට නොහැකි වුණත් අවසන් මහා තරගයේදී තමාට හිමි වූ ස්ථානය පිළිබදව ඇය විසින් කළ ප්‍රකාශයක්ද මතභේදයට තුඩු දුන් බවයි බොහෝ මාධ්‍ය වාර්තා කළේ.

මේ සියල්ල අතරින් පසුගියදා යළිත් කරලියට පැමිණි පුෂ්පිකා ගැන කියවුණේ බොහෝදෙනෙක් පුදුමයට පත් කළ පුවතක්.

ඒ 2020 වසරේ ශ්‍රී ලංකාවේ විවාහක රූ රැජිණ ලෙස පුෂ්පිකා ද සිල්වා වෙත තිබූ කිරුළ අහිමි කිරීමට මෙරට විවාහක රූ රැජිණ තරගාවලියේ සංවිධායකයින් පියවර ගෙන ඇති පුවතයි.

කෙසේවෙතත් තම කිරුළ ගැලවීම සම්බන්ධයෙන් පුෂ්පිකා මෙලෙස අදහස් දක්වා සිටියා,

”කිරුළක් ගලවන්න මට කිරුළක් නෑනේ. මම ඒ අයගෙන් අහනවා කිරුළ කෝ කියලා. ඇත්තටම මම දන්නෙ නැහැ හේතුව මොකක්ද කියලා. ඒගොල්ලොන්ට එහෙම තීන්දුවක් ගන්න බෑ. ඒගොල්ලො එවලා තියෙන letter of demand වලට මම තාම රිප්ලයි කලෙත් නැහැ. ජජ්මන්ට් එකකින් දුන්න තීන්දු තීරණ තනි පුද්ගලයෙකුට වෙනස් කරන්න බෑ. මේක දාන්න. පිස්සෝ කලබල වුණාට දොස්තර කලබල වෙන්නේ නෑ කියලා පුෂ්පිකා කිව්වා කියලා. ඒ වගේම ඉතාමත් ඉක්මණින් නොබෝ කලකින් මේකට උත්තරයක් දෙනවා.”

Rate this item
(0 votes)
Last modified on Thursday, 10 February 2022 21:10